(යොහාන් භාසුර)
උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ කඳුළු ගෑස් මිලදීගැනීම පිළිබඳ නිවැරදි තොරතුරු දින 10 ක් තුළ ඉදිරිපත් කිරීමට පොලිසිය තොරතුරු කොමිෂන් සභාවේදී අද (14) එකඟ වී තිබේ.
එම විභාගයට පොලිස් සැපයුම් කොට්ඨාසය සහ පොලිස් නීති කොට්ඨාසය ඇතුළු නිලධාරීන් පොලිස්පතිවරයා නියෝජනය කරමින් සහභාගි වී සිටීම නිසා වෙනත් පාර්ශවවලින් තොරතුරු ඉල්ලා සිටින ලෙස යෝජනා කළ නොහැකි යැයි අවවාද කළ තොරතුරු කොමිෂම එසේ වුවහොත් පොලිස්පතිවරයා කොමිෂම හමුවට කැඳවීමට සිදුවන බවත් පවසා තිබේ.
එම කොමිසමේදී මීට පෙර එකඟ වූ පරිදි පොලිසිය දුන් තොරතුරුවල ව්‍යාජ තොරතුරු ඇතුළත් බව අභියාචනයක් ඉදිරිපත් කරමින් සමාජ ක්‍රියාකාරී තරිඳු ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කර තිබූණි.
සමාජ ක්‍රියාකාරි තරිඳු ජයවර්ධන මහතා කළ තොරතුරු ඉල්ලීමට අදාලව කැඳවූ අභියාචනයක් විභාග කළ අවස්ථාවේදී පොලිසිය මෙසේ එකඟ වූ අතර එම අභියාචන විභාගය නැවත ලබන ඔක්තෝබර් මස 6 වැනිදා කැඳවීමට නියමිතය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තොරතුරු කොමිෂන් සභා කාර්යාලයේදී එම අභියාචනය අද කැඳවීය.
එම අවස්ථාවට නීතිඥාවරු වන සුරේන් ඩී. පෙරේරා සහ මනුෂිකා කුරේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කඳුළු ගෑස්වල නිවැරදි තොරතුරු දෙන්න පොලිසිය පොරොන්දු වෙයි
Perera Thursday, 15 September 2022 12:38 AM
අසරණ මිනිස්සුන්ව හිරේ දාන්න සාක්ෂි මවන පොලිසියට ඕවා තමන්ගේ වාසියට හදලා ඉදිරිපත් කරන එක කජ්ජක්ද?