(රේඛා තරංගනී ෆොන්සේකා)
බෙලිඅත්ත බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට බඹරැන්ද ප්‍රදේශයේදී මොනරෙකු ගැටීමෙන් සිදු වූ අනතුරකින් මොණරා මරණයට පත්ව දුම්රිය රියදුරුට තුවාල සිදුව තිබේ.
දුම්රිය රියදුරු ටී. එම් ජයසිංහ මහතා මෙම අනතුරට මුහුණ පා ඇත.
අනතුරින් ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති අතර තුවාල ලැබු මොණරා එම ස්ථායේදීම මියගොස් තිබේ.
M7 Class කෙටිදුර ධාවන දුම්රියක් වන 747 දුම්රිය නියමු කුටියේ ඉදිරිපස විදුරුව කඩාගෙන මොණරා රියදුරුගේ හිසේ වැදී ඇත. රියදුරු ප්‍රතිකාර සඳහා යොමුකොට ඇත.
වසර 32 සිය සේවා කාලය තුළ මෙවැනි හදිසි අනතුරක තමා පත්වු පළමු අවස්ථාව මෙය බව රියදුරු මහතා සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කඳසුරිඳුගේ වාහනේ ගැටී කෝච්චි ඩ්‍රයිවර්ට තුවාල
බකල ජයා Sunday, 08 June 2025 06:36 PM
කඳ සුරිඳුට වාහනේ අලුත් කරන්න ඕනෑ වෙලා තිබුණත්, කපු රාලලා සල්ලි පාස් කරන්නෑ. ආර්ථිකය අවුලක්ලු.
Ekanayake Sunday, 08 June 2025 08:46 PM
අර ආචාර්ය නෝනා රෙද්ද උස්සාගෙන එයිද දන්නෑ විරෝධය පාන්න...
ලුම්බිණි Monday, 09 June 2025 06:58 AM
පව්...!
chinwi Monday, 09 June 2025 07:07 AM
මොණරු ඔහොම මෝඩ වැඩ කරන්නේ නෑ. මේ මොනරාගේ හාමිනේ, සෙබඩක්. අපේ හාමිනේලා වගේ තමයි. මූණට කඩා පනිනවා.
Nandalal DE SILVA - France Monday, 09 June 2025 06:18 PM
දැන් ඔය අනතුර සිදුවන විට, එම වාහනෙ රියදුරු අසුනේ හිටියේ කද සුරිඳුන් වෙන්න බෑනේ ! කද සුරිඳුන් කවමදාකවත් සිය වාහනයේ සුක්කානම අතට ගන්නවා අප දැක නැහැ. ඒ වගේම එම වාහනය පැදවූ රියදුරාද ඉතා හොඳින්, ආරක්ෂාකාරීව එම වාහනය පදවන නිසා සහතිකපත්, සම්මාන ආදිය පවා ලබා තිබෙන බව "කතරගම නිවුස්" පුවත් පතේ පවා කිහිප වතාවක් පලවී තිබුණි. මෙ අනුව, මෙම අනතුරෙ සම්පූර්ණ වගකීම එම කොච්චි රියදුරු භාරගතු බවත්, කද සුරිඳුන් ගෙ වාහනයට සිදුවූ අලාභ වලට වන්දි වශයෙන් පඩුරු වට්ටි දහසක් ගෙවිය යුතු බවත් තීරණය විය. පව් ... අනේ ... පව් ... !