(රංජිත් රාජපක්ෂ )
තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කඳුකර කොටියෙකු අද (24) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල වත්තේ මෙසේ කදුකර කොටියා මන්දකට හසු වි ඇති බව වනජිවි නිලධාරින් කියා සිටියේය.
තේ වත්තේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් තේ වත්තේ ගසක අටවන ලද මන්දකට කදුකර කොටියා (23) දින රාත්‍රියේ හසු වි ඇති බවත්, තේ වත්තේ කොටියෙකුගේ ගොරවන හඩ ඇසි වතු කම්කරුවන් එ පිලිබදව හැටන් පොලිසියට සහ නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දි ඇත.
වනජිවි නිර්වින්දන පශුවෛද්‍යයවරයෙකුගේ සහයෝගය ලබාගෙන මන්දට හසු වි සිටින කදුකර කොටියා මුදා ගැනිමට කටයුතු කරන බව වනජිවි නිලධාරින් කියා සිටියේය.
ඉකුත් සතියේ මස්කෙලිය ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ මෙවැනිම කොටියෙකු මන්දකට හසු වි සිටියදි වනජිවි නිලධාරින් විසින් කොටියා මන්දෙන් මුදාගෙන වැඩි දුර ප්‍රතිකාර රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ මිය ගොස් තිබුණි.
සබැඳි - කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි