IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය.

කළු ජාතික බ්කාන්තාවක කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට පත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.

පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැති සටනේදී, බේඩ්නොච්ට අභියෝගයක් එල්ල වූයේ හිටපු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු ද වන රොබර්ට් ජෙන්රික්ගෙනි.

කෙසේ නමුත් අවසානයේ කොන්සවර්ටිව් පක්ෂයේ සියයට 57 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සහාය බේඩ්නොච්ට ලැබෙන බවය.

මීට පෙර කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ලෙසත්, අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්ය. පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සවර්ටිව් පක්ෂය පරාජය වූ අතර, එම මැතිවරණය ජයග්‍රහණය කර, දැන් බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි.

මැතිවරණ පරාජයෙන් පසු කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය මෙසේ වෙනස් කෙරුණි. කෙමී බේඩ්නොච්ට පක්ෂ නායකත්වය හිමිවූයේ ඒ අනුවය.



අදහස් (4)

කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්

ඇන්ඩ්රු සෙබඩවිල Saturday, 02 November 2024 07:47 PM

අපගේ හරිණි සහෝදරියට මෙය කදිම පුර්වාදර්ශයකි. මාලිමා නායකත්වයට ඇයගේ කුමන අඩුපාඩුවක්ද?

:       32       22

contitutionSunday, 03 November 2024 10:04 AM

ව්‍යවස්ථාව නොදැනීම...!

:       4       1

Perera Sunday, 03 November 2024 12:18 AM

ඉදිරියේදී මෙතුමියට බ්‍රිතාන්‍යෙය් අගමැති වීමටද අවකාශ තිබේ. ලංකාවේ සුළු ජාතික කාන්තාවකට ප්‍රධාන පක්ෂයක නායිකාව වී අගමැති වීමට අවකාශ තිබේද?

:       1       1

රම්බොඩ Sunday, 03 November 2024 09:39 AM

ඉන්දීය සම්භවයකින් යුතු නායකත්වයට මෙන්ම මෙම කළු පාට කාන්තාවට ද එහි සුදු ජාතීන් අකැමැතියි. කළු සුදු භේදය ඉතා ඉහළින් සළකන දුර්වල මානසිකත්වය තාම ඔවුන් සතුයි. එම නිසා මෙම පක්ෂය දිගින් දිගටම පරාජය වනු ඇතැයි නිකමට මෙන් මට සිතුනේ කිසිම දේශපාලන දැනුමක් නැති නූගත්කමට විය හැකියි...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17388 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site