(යොහාන් භාසුර )
මෙම මස 8 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික කාන්තා සතියක් ' තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්'යන තේමාව යටතේ මේ මස 8 වැනිදා දක්වා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම කාන්තා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බවත් කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම සහ ඔවුනට වෙළදපොළක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ මස 5 සහ 6 දෙදින පුරා "ලිය ශක්ති” කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කර ඇති බවත් එම අමාත්‍යංශය කීය.
මෙවර කාන්තා දින සැමරුම් උළෙල කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සංකල්පය පරිදි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, "සුහුරුපාය” ශ්‍රවණාගාරයෙදී පැවැත්වීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාන්තාවන්ට ජාතික සතියක්