(ටෝනි කරුණානායක)
ගම්පහ යක්කල ප්‍රදේශයේ දි කාන්තාවක අපයෝජනය කර ඇගේ රන්මාලය කොල්ලකෑ බවට වන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුට බරපතල වැඩ ඇතිව වසර 17 ක සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(30) නියම කළේය.
චෝදනා දෙකට රුපියල් 25,000 ක දඩයක් සහ අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවීමට ද නියම වු අතර එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 23 ක සිරදඬුවම් නියම කෙරුණි.
වසර 10 කට පසු මෙම සිර දඬුවම ලද්දේ, ගනේමුල්ල කුඩාබොල්ලත පදිංචි ඩි.ජි.චාමික රවි සාන්ත නැමැත්තා ය.
2010ජුලි මස 07 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී යක්කල පිටිවල්ගොඩ දී එවකට 47හැවිරිදි එක් දරු මවක
වු ඇගලුම් කම්හල් සේවිකාවක අපයෝජනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑම විත්තිකරුට එරෙහිව නීතිපති ගොනු කර තිබූ චෝදනා විය.
අගතියට පත් කාන්තාව කඩවත ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කර නිවසට වෙල්යායක් හරහා පයින් ගමන්
කරමින් සිටි අවස්ථාවේ විත්තිකරු අපයෝජනය කර තිබූ බවට මහාධිකරණයේදී කරුණු අනාවරණය විය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කාන්තාවක අපයෝජනය කර-රන්මාලය කොල්ල කෑ අයෙක් හිරගෙට