(අංජුල මහික වීරරත්න)
සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) මහතුවරු අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
මෙරට සේවා කාලය නිම කළ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් ඔවුහු ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත වූහ.
ඩේවිඩ් මකිනන් මහතා 2017 ඔක්තෝම්බර් 23 වන දින සිට මෙරට කැනඩා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර එරික් ලවෙ(ර්)තු මහතා 2018 නොවැම්බර් 01 වැනි දා සිට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති
nimal Monday, 03 October 2022 05:21 PM
කැනඩාව සහ ප්‍රංශය සමග ලංකාව ඉතා හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යායුතු රටවල් වේ...!