IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කැත - මජර දේශපාලනය වෙනස් කරනවා

(යොහාන් භාසුර)

මෙරට පවතින කැත, මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය උපයෝගී කරගෙන රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රජයේ කාර්යාල සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) පැවසීය.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.

විපක්ෂ නායකවරයා විපක්ෂ නායක කාර්යාලය ජනාධිපතිවරණ ප්‍රචාරයට යොදාගනිමින් සිටින බවත් ඒ සියලු දෙනා රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපළ යොදවා ගනිමින් කටයුතු කරන ආකාරය සියලු දෙනාට දැකගත හැකි බවත් දිසානායක මහතා කීය.

ප්‍රචාර දීමේදී සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ කාලයක් දීමේ වගකීම මාධ්‍යයටත් පැවරී තිබෙන බව කී ඒ මහතා  ඇතැම් මාධ්‍ය ආයතන තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනයට සමස්ත මාධ්‍ය ජාලයම යොදවා ඇති බව ද සඳහන් කළේය.

තෝරා ගත් අපේක්ෂකයාට අභියෝගයක් වන්නේ යැයි කල්පනා කරන අනෙක් දේශපාලන කඳවුරට අසත්‍ය, අභූත චෝදනා එල්ල කරමින් සිටින බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා එයත් බාධාවක් මෙන්ම මේ වන විට ඡන්දදායකයන්ට අල්ලස්දීමේ ක්‍රියාවලියකුත් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා පැවසීය.  

බරපතළ ගැටුම්කාරී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් ඇතිවෙයි කියලා අනුමාන නොකරන බවත් ආණ්ඩුවට මහජන බලයක් නොමැති වීම නිසා එවැනි ප්‍රවේශයක් ගැනීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පැවසීය.

මහජන බලය ශූන්‍ය වූ දේශපාලන ව්‍යාපාරයකට එවැන්නක් කිසිසේත් කළ නොහැකි මෙන්ම පොදුවේ මැතිවරණ ව්‍යාපාරය සාධාරණ වේ යැයි බලාපොරොත්තු නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ මතය නිරවුල්ව ප්‍රකාශ කරගැනීමට පසුබිම සකස් කරමින් මැතිවරණ ක්‍රියාවලියේ එම පක්‍ෂය යෙදෙන බවත් අනුර කුමාර දිසානායක මහතා කීය.

ජාතික ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය මේ මස 17 වැනි සෙනසුරාදා ආරම්භ කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ, මාතර නගරයේ සහ ගාල්ල නගරයේ ප්‍රධාන මහ රැලි තුනක් පවත්වන බවත් ඉන් පසුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව මෙරට සෑම දිස්ත්‍රික්කයකම සියලු ආසන නියෝජනය වන පරිදි මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් දිසානායක මහතා සඳහන් කළේය. නගරවල සිට ගම් දක්වා තවත් රැස්වීම් මාලාවක් ද, නිවෙස් ආශ්‍රිතව කරන ගෘහස්ථ සාකච්ඡා ගෙයින් ගෙට ගොස් කරන ජනතාව දැනුම්වත් කිරීම් එම පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරයට ඇතුළත් බවත් ඒ මහතා පැවසීය.  

අවම වශයෙන් සෑම නිවසකටම දෙපාරක් යන්න සැලසුම්කර තිබීම නිසා 15 වැනිදා සිට නිවෙස්වලට ගොස් පුරවැසියන් මුණගැසීමේ ව්‍යාපාරය ආරම්භ කරන බව කී දිසානායක මහතා පැවසුවේ සෑම නිවසකටම මූලික ප්‍රතිපත්තීන් සහ අපේ පණිවිඩය ගෙන යාම සඳහා කුඩා පත්තරයක් බෙදීමට සැළසුම් කර ඇති බවත්ය.



අදහස් (10)

කැත - මජර දේශපාලනය වෙනස් කරනවා

රංබොඩ Tuesday, 13 August 2024 05:04 PM

බලයට ආවොත් යමක් කළ යුතුමයි. නැත්නම් දේශපාලයෙන්ම අතුගෑවිලා යාවි...!

:       1       1

යෝගා Tuesday, 13 August 2024 05:13 PM

ඉවර කරන්නේ ගමට අධිකරණ බලය දීලාද? කැට හොල්ලපු අය නඩුකාරයෝ කරලද? එහෙම අඳුරු යුගත් අතීතයේ තිබුණා මතකයි..

:       1       2

සෙනෙවිරත්න Tuesday, 13 August 2024 05:14 PM

ජයවේවා, එය කල හැක්කේ ඔබට පමණයි, පොහොට්ටු කල්ලි දෙක, සජිත්, රනිල් කල්ලි හතර අතර හුවමාරුවන බොල් චරිත වැද්ද නොගන්නා ඔබ අපට විශ්වාසයි. අවලාද නගන අයගෙන් අසනුයේ ඔබ පත්කළ අය අපට අනාගතයක් නිර්මාණය කර තිබේද යන්නයි..! .

:       3       1

B Amarasinghe Tuesday, 13 August 2024 05:15 PM

කැත මජර දේශපාලනය නැත්නම් ආසනයත් පරාද රටේම එක ආසනයක්වත් දිනන්න බැර්‍රිවෙච්චි ලැයිස්තුවෙන් ජාම බේරා ගත්ත රනිල් ජනාධිපති වෙන්නේ කොහොමද?

:       2       1

ANURA Tuesday, 13 August 2024 06:53 PM

කැත මජර දේශපාලන තුරන් කරන්න නම්. තමුන්ලා වැනි කැත මජරයෝ ලංකාවෙන් සදහටම තුරන් කරල දාන්න ඕනෑ...

:       1       3

Nishan Wednesday, 14 August 2024 04:02 AM

ඔයාලා කරන්නෙත් කැත මජර දේශපාලනයක් තමයි. කෝටි ගණන් වියදම් කරලා රැස්වීම්, සමුළු, සම්මන්ත්‍රණ තියනවා... ලක්ෂ ගණන් වටිනා බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවා. ව්‍යාපාරික පන්තියේ ටිකට් අරන් ලෝකේ වටේ සවාරි ගහනවා. ඒත් වේදිකාවේ දුප්පත්කම විකුණනවා. ඒක කොච්චර කැත, මජර දේශපාලනයක්ද?

:       2       3

Eranda Wednesday, 14 August 2024 04:27 AM

රටම මාලිමාවට කියලා පුරසාරම් දොඩවපු උදවිය මෙන්න දැන් කියනවා ගෙවල් ගානේ යනවාලු. ඡන්දේ දවස වෙනකොට 3%ක් වත් ඉතුරු වෙයිද දන්නේ නෑ...!

:       2       3

Nishan Wednesday, 14 August 2024 07:36 AM

ඉගුරු දී මිරිස් ගැනීම! ඔබතුමා හොද ඇති. නමුත් ලාල්කාන්ත වගේ තක්කඩි ඉන්න, රටක අහිංසක මිනිස්සු මරා දාපු මිනීමරුවෝ ඉන්න පක්ෂයක් විස්වාස කරන්න කියනවා නම්, ඔබ කොහොමද වග වෙන්නේ ඒ වගේ තක්කඩි දේශපාලනයක් සිදු නොවේවි කියලා? ලංකාවෙ ඉංජිනේරුවන් දොස්තරලා ලක්ෂ ගණන් ඉන්දැද්දි ඔබ පක්ෂයේ හරිනි වැනි කිහිප දෙනෙක් හැර ඉතිරි අය ගත්තොත්, වෙනසක් නැහැ කියලා තේරෙන්නෙ නැද්ද? ඔබ කොහොමද ඒ වගේ තක්කඩි බලය ලැබුනයින් පසු මෙල්ල කරන්නේ? ඔවුන් තමයි 80%ක් පමණ ඉන්නේ. අනුර කුමාර හොද මනුස්සයෙක් බව පේනවා. අපිට අවශ්‍ය නෑ ඉංග්‍රීසි. ඒවා පැත්තක දාන්න. නමුත් ඔබ බලන්න වැදගත් මහත්මා ගති ඇති කී දෙනෙක් ද ඉන්නේ කියලා. දැන් මේක කිව්වාම කියාවි මම විරුද්ධයි කියලා ජවිපෙට. නෑ මහත්මයා, එහෙම එකක් නෑ. අපි ආදරයෙන් බලා සිටිනවා ඔබ රටේ බලය ලබා ගනීවි කියලා. නමුත් අවංක සත්‍ය මේකයි මට දැනෙන. ඔබ සහ හරිනි වැනි කීප දෙනෙක් හොදයි. නමුත් මේක රටක්. ජවිපෙ කියන්නේ බලය වෙනුවෙන් මිනීමරපු පක්ෂයක්. නෑ කියන්න එපා. හේතු කියන්න එපා. ඒකෙ සෙවනැලි අපි අරගලය කාලෙ දැක්කා. මහින්ද හෝ ජේ ආර් හෝ ප්‍රේමදාස හෝ අවශ්‍ය වාතාවරණය හදනවා. ඔයාලා ඒකෙ අපරාධ කරනවා. අන්තිමට හේතු කියනව

:       2       7

Namal Wednesday, 14 August 2024 09:20 AM

ස්ට්‍රයික් කරල කප්පම් ගන්න එකද? රට උඹට දුන්නොත් හොඳට හිටී. ලංකදීපෙට කීයක් දුන්නද මුනත්තහඩුව දැක්කම දවසම මුස්පේන්තුයි.

:       3       9

Amin Wednesday, 14 August 2024 11:44 AM

මෙයා නොගිය පක්ෂය පොදු පෙරමුණ පමණයි

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අහංගම දුම්රිය අනතුරකින් කතක් මරුට
2025 මැයි මස 02 93 0

අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල


කතරගම කාන්තා ඝාතනයට ප්‍රා.ස මුරකරු දැලේ
2025 මැයි මස 02 468 0

අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප


ඡන්ද සත්තෝසම් දෙන්න තිබු පැදුරු- ඇතිරිලි පොලිස් බාරයට
2025 මැයි මස 02 139 0

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප


මාමයි බෑනයි විදුලි සැරෙන් මරුට
2025 මැයි මස 02 310 0

ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.


සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් එස් අයි මාට්ටු
2025 මැයි මස 02 528 0

අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු


ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 704 1

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 437 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 113 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1136 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site