
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල බටකැත්තර වෙළඳසැලක ලාච්චුවේ තිබූ මුදල් සොරා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු අල්ලා වෙළඳසැල ඉදිරිපිට යකඩ කණුවක බැඳ තබා තිබෙන අයුරු අද පෙරවරුවේ දක්නට ලැබුණි
අයිස් පැකට්ටුවක් මිල දී ගැනීමේ මුවාවෙන් පැමිණ වෙළඳසැල් හිමියා ශීතකරණය අසලට යාමේදී ලාච්චුවෙන් මුදල් සොරා ගැනීමට මොහු උත්සාහ දරා තිබේ.
එය දුටු වෙළඳසැල් හිමියා කෑගැසීමත් සමගම එම ස්ථානයෙන් පලායමින් සිටි එම පුද්ගලයා ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන මෙලෙස බැඳ දමා තිබිණි
තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි අයකු බවත් මීට පෙරද සොරකම් රැසකට සම්බන්ධ අයෙක් බවත් ප්‍රදේශවාසීන් පැවසූහ
පොලිස් නිලධාරීන් පැමිණ එම පුද්ගලයා රැගෙන යාමට කටයුතු කෙරිණි
කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවෙ කම්බ හොරුටිකත් මෙහෙම ගස්බදින්නෙ කවදද අප්පා?
ඒ වගේ සොරකම් කරන්න හදපු ඕනෑම දේශපාලකයෙකුට දඬුවම් කරන්න පුළුවන්ද?
රටේ ආර්ථිකය බිංදුවටම බස්සපු රාජපක්ෂලා තවම එළියේ සැප විඳිනවා.
වැරැද්දක් කළා නම් පොලිසියට බාරදෙන්න. මේ විදියට මිනිසෙකු බැඳදාන්න අනික් අයට ඇති අයිතිය මොකක්ද? දැන් මේ රට අන්තවාදින්‌ගේ රටක් වගේ.
අපේ සාක්කුවලට බැහැපු හොරුන්ට රජකම දීලා බලයට පත්කරද්දී ඒ වෙනුවට මෙහෙම කළානම් අපි අද මොනතරම් දියුණු වෙන්න තිබුණද?
මේ වගේ හොරුද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. ? මොහු වරදක් කලත් කාවවත් මරලා නැහැ නේද? මේ පින්තූර දකින කාටත් කම්පනයක් දැනෙනවා. මෙයා ඉන්නෙ ඇබ්බැහිවීමක. මත් ද්‍රව්‍ය ගේන ප්‍රබලයො හෝ පාර්ලිමේන්තු ඇමතියන්ව කවදාවත් ඒව ගෙනාවට දඩුවකට යටත් කලේ නැති එකේ මේ මනුස්සයාට පමණක් දඩුවම් කරලා හොරකම් අඩු වෙන්නෙ නෑ. මත් ද්‍රව්‍ය තියන තාක් ආර්ථික අහේනිය තියන තුරු හොරකම් තියේවි. පාර්ලිමේන්තුවෙ ඉන්න නාරකාදි හොරුන්ට නීතියක් නැති මේ රටේ නීති පොත් පුළුස්සා දැමුවේ නම් මීට හොදයි කියා නීතිඥයො වෙන තරුණයන්ටත් හිතෙනවා ඇති.