IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කඩවත මහමායා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති කාර්යාලයේ

(අංජුල මහික වීරරත්න)

කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.

මෙහිදී, එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, පාර්ලිමේන්තුවේ කාර්‍ය  සහ කර්තව්‍ය මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම සහ  එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.

එසේම, කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය භාර අමාත්‍යවරයෙකු පත් කිරීම විශේෂත්වයකි. ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලය සහ සාමාජිකාවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමද මෙම අවස්ථාවේදී සිදු විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලී වීරසේකර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු සහ කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

 

 

 

 

 

 

 

 

 



අදහස් (1)

කඩවත මහමායා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති කාර්යාලයේ

විපරමා Thursday, 28 August 2025 01:31 PM

ඉස්සර නම් ඔය තැන් වල දූෂිත දේසපාලුවෝ පව්ල් පිටින් අරක්ගෙන තිබුණේ, හරියට තමුන්ගේ බූදලේ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 458 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16938 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site