
(ටී.කේ.ජී.කපිල)
ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා තිබියදී සොයාගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.
ඩුබායි සිට ඊයේ (25) අලුයම 05.30 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් පැමිණි කිසියම් ගුවන් මගියකු මෙම ජංගම දුරකථන තොගය රැගෙන විත් ඇති අතර , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට අපහසු බව වැටහීමත් සමග , මේවා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා ගොස් තිබුණි .
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි තුනක බඩු ගුවන්තොටේ දමා ගිහින්
de silva Friday, 25 April 2025 04:37 PM
කැන්ටක් කරගත් රේගු නිලධාරියාට එදා ඩියුටි වෙන තැනක වැටිලා තිබෙන්න ඇති. එහෙම නැතිනම් ටිප් එක ලැබිලා කියලා දෙන්න පුළුවන්..., ගුවන් තොටුපල ඇතුලේ කැමරා තිබෙනවා. පැමිණෙන මගීන්ගේ නම ඇතුළු සියලු දත්ත තිබෙනවා.. ගෙනාවේ කවුද කියන එක විනාඩි කිහිපයක් තුළ සොයාගන්න පුළුවන්... අවශ්‍ය නම්..!
dds Friday, 25 April 2025 04:53 PM
බද්ද, දඩයකුත් එක්ක ගහල ඒ අයටම ලබාගන්න අවස්ථාව දෙන්න. නැත්තම් ඕවා විනාශ නොකර සාධාරණ මිලකට සාමාන්‍ය මිනිස්සුන්ට ලබා දෙන්න. ජංගම දුරකථන කියන්නේ තව දුරටත් සුඛෝපභෝගී භාණ්ඩ නොවේ. අත්‍යාවශ්‍ය ඒවා. ඒවල මිල අධික වුණොත් අපි අමාරුවේ.
nihal Friday, 25 April 2025 06:36 PM
පිටිසර පාසල් වෙත ලබාදෙන්න. රජයේ දේපළ ලෙස අර විස්කි, තේ කහට වුණා වගේ කරන්නේ නැතිව.
Nandana Friday, 25 April 2025 07:05 PM
රේගුවේ අයගේ පත්වීමට පෙර සහ දැන් වත්කම් සොයාබලන්න. බඩුම තමයි.
Lalla Saturday, 26 April 2025 07:54 AM
ඔය භාණ්ඩ නඩු ඉවරවෙනතුරු ගබඩාවල විනාශ නොකර වහාම වෙන්දේසි කරන්න. දැනටම රටේ විදේශ විනිමය වියදම් කර ගෙනැල්ලා තියෙන බව පේනවා නේද? නියාමනය කොමිසම හරහා ලියාපදිංචියට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරන්නම ඕනෑ.