IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෝටි එකහමාරේ වංචාවකට කෝටි 2 ක වන්දියක්

 

(මනෝප්‍රිය ගුණසේකර)

‘පාර්ක් හොස්පිටල්’ ආයතනයේ සේවිකාවක වශයෙන් කටයුතු කරමින් එම ආයතනය සතු රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වංචනික අන්දමින් සිය ගිණුමට බැර කරගැනීමේ චෝදනාවට වරද පිළිගත් එහි ගිණුම් සහයකවරියකට වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පාර්ක් හොස්පිටල් සමාගමට රුපියල් කෝටි 2 වන්දියක් ගෙවීමට ද නියම කළේය.

ඊට අමතරව පාර්ක් හොස්පිටල් සමාගමේ අධ්‍යක්‍ෂ රෝලන්ඩ් ද එස්.මුණසිංහ මහතාට රුපියල් ලක්‍ෂ 40 ක වන්දියක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා විත්තිකාරියට නියම කළ බරපතල වැඩ සහිත සිරදඬුවම අවුරුදු 15ක කාලයකට අත්හිටුවීමට ද නියම කළේය.

වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පාර්ක් හොස්පිටල් සමාගමේ ගිණුම් සහයකවරියක ලෙස සේවය කළ මල්වැන්න හේවගේ ඉනෝකා ජානකී වීරසිංහ නමැත්තියටය.

2014 වසර වනතුරු පාර්ක් හොස්පිටල් සමාගමේ ගිණුම් සහයකවරියක ලෙස සේවය කරමින් කූඨ උපක්‍රමයක් භාවිතා කරමින් සමාගම සතු රුපියල් ලක්‍ෂ 155ක මුදලක් සිය පෞද්ගලික ගිණුමේ තැන්පත් කරගත් බවට විත්තිකාරියට එරෙහිව වෙන වෙනම නඩු 05ක් නීතීපතිවරයා ගොනු කොට ඇත.

මෙම නඩු පහ අතුරින් එක් නඩුවක් විභාග කොට අවසන් කිරීමට ආසන්නව තිබියදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අරුණ ඉහළවිතාන මහතා අධිකරණය අමතමින් තම සේවාදායිකාව මෙම චෝදනාවන්ට වරද පිළිගෙන අවසන් කිරීමට කැමැත්තෙන් පසුවන්නේ යැයි කීය.

තම සේවාදායිකාව අතින් සිදුවු වරදට ඇය පසුතැවෙන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත පාර්ශවය සමඟ මෙම සිද්ධිය සමථයකට පත් කර ගැනීම සඳහා කතා කොට ඇති බවත් පැවසු විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අරුණ ඉහළවිතාන මහතා තම සේවාදායිකාවට බන්ධනාගාර ගත නොවන ආකාරයේ ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකාරිය තම සේවාදායකයාගේ රෝහලේ සේවිකාවක් වශයෙන් කටයුතු කරමින් එහි රුපියල් ලක්‍ෂ 200 ක පමණ අලාභයක් සිදුකොට ඇතැයි කීය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා සුක්‍ෂම අයුරින් සැළසුම් කොට තමා සේවය කරන ආයතයෙන්ම වංචා කිරීමේ චෝදනාවන්ට ලක් වුවන්ට දැඩිව කටයුතු කිරීමට අධිකරණය පියවර ගන්නා බවත් සැළසුම් සහගතව, සුක්‍ෂම අයුරින් කරන වංචා හෙළිදරව් කරගැනීම මෙන්ම ඒවා විමර්ශනය කිරීමද දැඩි දුෂ්කර බව දැනුම් දුන් විනිසුරුවරයා මෙවැනි නඩු විභාග කොට අවසන් කිරීම ඊටත් වඩා දුෂ්කර බවද සිය තීන්දුවේ සඳහන් කළේය.

වංචනික අන්දමින් මුදල් ලබාගෙන දීර්ඝ කාලයක් පුරා ඒවා රිසිසේ භූක්ති විඳින වංචනිකයින් නඩු අවසන් වන අවස්ථාවලදී සහනදායි දඬුවම් බලාපොරොත්තු වන බවද නඩුවක විභාගය අවසානයේදී විත්තිකාරිය නඩු 05ටම අදාළව වරද පිළිගෙන නඩු අවසන් කරනු ලබන්නේ සද්භාවයකින් නොවන බවත් ඇයට අත්විය හැකි යම් අගතියකින් බේරිමට බව නීරීක්‍ෂණ කරන බවද සඳහන් කළ විනිසුරුවරයා අගතියට පත් පාර්ශවයට සිදුවී ඇති අලාභය යම් ආකාරයකට ප්‍රතිපුර්ණය කරගත හැකි වන ආකාරයකට දඬුවම් නියම කරන බවද සඳහන් කළේය.

ඒ අනුව එක් චෝදනාවකට වසර 02 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම දඬුවම වසර 15ක කාලයකට අත්හිටුවීමට නියම කළේය.

ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000/- බැගින් රුපියල් 50,000/-දඩ හා රුපියල් ලක්‍ෂ 40 බැගින් රුපියල් ලක්‍ෂ 200 වන්දි නියම කළ අතර දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ යසිඳු විජේරත්න මහතා පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ ප්‍රබෝධිනී මුණසිංහ මහත්මිය සමඟ නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා පෙනී සිටියේය.

විත්තිකාරිය වෙනුවෙන් නීතීඥ අරුණ ඉහළවිතාන මහතා පෙනී සිටියේය.

 



අදහස් (1)

කෝටි එකහමාරේ වංචාවකට කෝටි 2 ක වන්දියක්

Pradeep Tuesday, 25 August 2020 03:36 PM

හොරකම් කරන අයට තරාතිරම නොබලා මෙලෙස දඬුවම් කරනවා නම් අපේ විනිසුරුවන් කොපමණ හොඳද..?

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1976 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site