
(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර අද (25) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති උත්සවයකදී විවෘත කිරීම සිදු විය .
ලොව නැගෙනහිර සහ බටහිර කළාපයන් යා කෙරෙන ආසියාවේ ප්‍රධානතම ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ පළමු පියවර යටතේ වූ දෙවන අදියරේ ඉදිකිරීම් මෙසේ අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීම සිදු විය.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දෙවන සංවර්ධන ව්‍යාපෘතිය වීම විශේෂත්වයක් වන අතර , ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි ලොව අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වලට අනුරූප වන සැළසුමක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කර තිබේ .
මෙමගින් කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව ගුවන් මගීන් හැසිරවීමේ ධාරිතාවය මිලියන 06 සිට මිලියන 15 දක්වා ඉහළ යෑමට නියමිතය.
එසේම ගුවන් බස් දොරටු සංඛ්‍යාව 06 සිට 16 දක්වා ද , ගුවන් මගී විවේකාගාර 04 සිට 10 දක්වා ද , ආගමන විගමන පිරික්සුම් කවුළු 53 සිට 149 දක්වා ද , ගුවන් යානා නැවැත්වීමේ අංගන 23 සිට 49 දක්වා ද වැඩි වීමට නියමිතය .
මෙම උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය .
ගෝලීය වසංගත තත්වයක් රටේ පවතින අවස්ථාවකදීත් මෙම ව්‍යාපෘතිය නිම කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් . ඉකුත් 2014 වසරේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ද , පසුගිය යහපාලන රජය , මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබුණා . එයින් රටටත් , ගුවන් තොටුපළටත් විශාල පාඩුවක් සිදු උනා . යැයි ද ප්‍රකාශ කළේය .
ඉන්පසුව සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ද උඋත්සවය සභාවේ දී ස්තුතිය පළ කරමින් අදහස් දැක්වීය .
ඉන් අනතුරුව ගුවන් තොටුපළ නව ගුවන් යානා නැවැත්වීමේ අංගනය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව , එහි වූ සමරු ඵලකයක ද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කළේය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදේකි මිසුකොශි (Hideaki Mizukoshi ) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් ද පැමිණ සහභාගී වී සිටියහ .



2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කටුනායක ගුවන්තොටේ දෙවැනි අදියරත් ජනතා අයිතියට
Lal Thursday, 25 November 2021 07:29 PM
ඕවා හැදුවේ මහජනතාවගේ බදු මුදල්වලින්. ඔයාලගේ සල්ලිවලින් නොවෙයි. තවදුරටත් ඔය දාන ගොන් ෂෝ නවත්තන්න. දකින්න අප්පිරියයි.