(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන, සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන වෙඩික්කරුවෙකු විසින් අද (16) සවස කළ වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොටහේන පොලිසිය පවසයි.
තුවාල ලැබූ පිරිමි පුද්ගලයා පූකුඩි කන්නා නැමති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කරුගේ සමීප තමයකු බව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
තුවාල ලැබූ කාන්තාව එම පුද්ගලයාගේ ලොකු අම්මා බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පලකරයි.
වෙඩික්කරු සුමිත්තාරාම පාර ප්‍රදේශයේ නිවසට යතුරු පැදිය මගනවතා පයින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය දැනට කළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියන ආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කොටහේනේ වෙඩි තැබීමක්