IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කොටුවේ බිත්තර කඩ පාළුවට:මිලත් පහළට

(යොහාන් භාසුර)

බිත්තර අලෙවියට  පාලන මිල පැනවීමත් සමඟ කොළඹ කොටුව බිත්තර තොග වෙළෙදපොලට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා පාළුවට ගොස් තිබූ අතර බිත්තර මිල ද පාලන මිලට අලෙවි කරන අයුරු දක්නට ලැබිණි.

කොළඹ කොටුව තොග වෙළෙඳපොලේ බිත්තර සිල්ලර මිල  රුපියල් 43 ක සහ රුපියල් 45 ක පැවැති අතර බිත්තර තොග මිල රුපියල් 41 ක්ව පැවැතියේය.

බිත්තර පාලන මිලට එරෙහිව බිත්තර නිෂ්පාදකයෝ බිත්තර අලෙවියෙන් ඉවත්වන බව පෙර දින පැවැසුවත් වැඩි මිලට බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයෝ මැලිකමක් දක්වන බව වාර්තා වෙයි.

තොග වෙළෙදුන් පැවසුවේ පාරිභෝගිකයන් නොපැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර තොග මිලදීගැනිමෙන් වැලකී සිටීම සිදුවන බවයි.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (11)

කොටුවේ බිත්තර කඩ පාළුවට:මිලත් පහළට

podi mole Tuesday, 23 August 2022 05:12 PM

මම හිතන්නේ සෙව්වන්දි මෑණියෝ කෙලින් කළාට පස්සේ තමයි බිත්තරේත් ගණන් ඉස්සුවෙ. සේවන්දි මෑණියන්ට කියලා තමයි බස්ස ගන්න වෙන්නේ.

:       5       45

ගමේඑකාලාTuesday, 23 August 2022 06:04 PM

අපිත් බලාගෙන ඉන්නේ සෙව්වන්දි මෑණියන්ට කියලා වැඩ ටිකක් කරවගන්ඩ තමා. එදිනෙදා කන බොන දේවල්වල මිළ බස්සවගන්ඩ. රට වළපල්ලට ඇදලා දාපු දේසපාලුවොත් බස්සන්න.

:       3       15

බලාගෙනයිTuesday, 23 August 2022 07:16 PM

අරගල කරන එවුන් බලාගෙනයි ආයි පෙළපාලි යන්නේ... බිත්තර විකුණන කඩකාරයෝ කුණු බිත්තරවලින් දමලා ගහයි තොපි නිසා තමයි අපිට මේ හානිය වුනේ කියලා..!

:       13       23

පුරවැසියා..... Tuesday, 23 August 2022 05:23 PM

ජනතාවගේ ආහාර ද්‍රව්‍ය සහ භාවිතා කරනු ලබන සෑම භාණ්ඩයකම පාහේ මිල ගණන් වැඩි කිරීම ඉතා අසාධාරණ ලෙස ගෙවී ගිය කෙටි කාලයක සිට සිදු වෙමින් පවතින තත්ත්වයක් පෙනෙන්නට ඇත. එම වැඩිවීම රුපියල් සිය දහස් ගණන්වලිනි. මේ සම්බන්ධයෙන් රජයේ කිසිදු නියාමනයක් නැත. මෙම තත්ත්වය මත ආහාර ද්‍රව්‍ය සහ සෑම භාණ්ඩයකම මිල ගණන් වැඩි කිරීම සදහා පාරිභෝගික සේවා අධිකාරියෙහි අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඉතාමත් කඩිනමින් ඇති කිරීමට රජයේ අවධානය යොමු විය යුතුය. පාරිභෝගික ජනතාව ගසා කෑමට ඉඩ නොදීම විය යුතු අතර අසීමිතව වැඩි කරනු ලබන ද්‍රව්‍යයන් මිලදී ගැනීමෙන් වැලකී සිටීමට ජනතාවද කටයුතු කළ යුතුය.

:       3       41

Sarath Perera Tuesday, 23 August 2022 06:00 PM

මේ රටේ බහුතරයක් ව්‍යාපාරිකයන් කරන්නේ දේශපාලකයන් වගේම මිනිස්සුන්ව රවටා වංචා කරන එක. මස්/මාලු/කරවල/එළවළු වගේ මොනව ගත්තත් අඩුවෙන් කිරනව, හොඳ බඩු පෙන්වල නරක/පරණ ඒව දෙනවා. ඒ වගේ බාල වැඩ නිසා භාණ්ඩ හා සේවාවන් මිළදී ගත්තත් දෙගොල්ල අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් නැහැ. ඒ නිසා මිනිස්සු කැමතියි වෙළෙන්දන් ට රිද්දන්න පුලුවන් වෙලාවට රිද්දන්න. එක එක නම්වලින් පෙනී ඉන්න ආයතන සහ නිලධාරීන් කොපමණ හිටියත් වෙළඳ සහ පාරිභෝගික කියන දෙපාර්ශ්වයම ආරක්ෂා කරන්න පුලුවන් ක්‍රමවේදයන් මේ රටේ නැහැ. ඒ නිසා දෙපාර්ශවයම පීඩාවට පත්වීම වළක්වා ගැනීමට නොහැකි වී ඇත. එවැනි ක්‍රම නොමැති නිසා පාරිභෝගිකයන් විසින්ම වෙළෙන්දන් පාලනය කිරීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයකි.

:       1       24

Bamunuarachchi Tuesday, 23 August 2022 06:56 PM

මිල වැඩිනම් පරිබෝජනය අඩුකරන්න බිත්තර මාස ගණන් කඩවලතියා ගන්න බැහැ. ඉබේම මිල අඩු වෙයි.

:       6       32

Nihal Harischandra Tuesday, 23 August 2022 10:31 PM

අනෙක් භාන්ඩ වගේ බිත්තර තියාගන්න බෑ. කිකිළි බිත්තර දාන එක නවත්තන්නෙත් නෑ. ෆාම් වලට බිත්තර විසි කරන්න තමයි වෙන්නේ. අසාධාරණ විදියට මුදල් රැස්කිරීමේ ප්‍රප්‍රතිවිපාක

:       1       9

chandima Tuesday, 23 August 2022 10:40 PM

දැන් ඔය බිත්තර රාජසන්තක කරනවා කිව්වා නේද? මේ රාජසන්තක කරපු කරපු කුණු බිත්තරද දන්නේ නෑ...?

:       0       0

podi malli Wednesday, 24 August 2022 10:55 AM

සෙව්වන්දි මෑනියො කිවුවනම් දෙයියන්ට පොල්වෙනුවට බිත්තර ගහන්ට කියල තමන්ට සුරසැප ලැබෙනව කියල, අපේ මෝඩයො බිත්තර ගනන් බලන්නෙ නැතුව රු1000/=ත් ගනියි

:       0       3

Santhu Wednesday, 24 August 2022 11:13 AM

බමුණුආරච්චි ඔබහරි, බිත්තර මාස ගණන් කඩවල තියාන ඉන්න පුළුවන්.. ඒත් පරණ නරක් වූ බිත්තර, නිවසට ගොස් පරීක්ෂා කර බලනතුරු ඒවායේ හොඳනරක නොදනී. පරණ නරක් වූ බිත්තර නිසා අසනීප වීම ඉතා ඉහළයි. හරිම අවදානම්..!

:       1       5

de silva Saturday, 27 August 2022 12:55 AM

ඕනෑම පාරිභෝගික භාණ්ඩයක හෝ සේවාවක මිල අසාධාරණ ලෙස වැඩිවුණාම මිනිස්සු ඒක මිලදී ගැනීමෙන් වළකිනවා. එහෙම නැතිනම් මිලදී ගැනීම අඩුකරනවා. බිත්තර නිෂ්පාදකයින් මේ ගැන සිත යොමුකළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site