(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට ආසන්න වීදි වටිනා කමක් ඇති කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
සැකකරුවන් සමග කේරළ ගංජා කිලෝ 44යි ,ග්‍රෑම් 212 ක් හා මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත
තලංගම මාලඹේ ප්‍රදේශයේදී හදිසි මාර්ග බාධකයක් දමා සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ හතරක් සමග පුද්ගලයක් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී පාදුක්ක පොලිස් වසමේ දී තවත් පුද්ගලයකු කිලෝග්‍රෑම් අටක් සමඟ අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුගෙන් හෙළි වූ තොරතුරු මත එම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ තවත් කේරළ ගංජා කිලෝ තිස් දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුපොත පාදුක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 සහ 51 අතර පසු වන බවත් පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
කෝටියක ගංජා සමග හතරක් අත් අඩංගුවට