(එස්. ඩී. කොඩිකාර )

කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ දරුවන් අතර ඉතා සීග්‍රයෙන් පැතිර යන වෛරස් උණ  තත්ත්වය පිළිබඳව පරීක්ෂණ කටයුතු නිමවන තෙක්  කිසිවක් ප්‍රකාශ කර නොහැකි බව ඒ පිළිබඳව සොයා බැලීමට අද (08) දින දෙණියාය මූලික රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරු පවසති.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහුගිය මාසයේ රෝගීන් සමග ඊයේ (07) දින වන විට රෝගීන් 47 කු වාර්තා වී තිබු අතර ඉන් බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා සුවවී නිවෙස් වෙත ගොස් තිබූ බවයි.

කෙසේ නමුත් පහුගිය දින තුන හතර තුළ මේ රෝගය පැතිරී යාමේ අඩුවක් දක්නට ලැබූ බවත් වෛද්‍යවරුන් සැක කරන්නේ මේ වයිරසය අපවිත්‍ර වූ ජලය හෝ ආහාර සමඟ පැතිරී ඇති බවයි. උණු කර නිවාගත් පිරිසිදු ජලය ,ශ්වස්තාවය, පිරිසිදු ආහාර ලබා ගැනීම වැදගත් බවත් මේ වෛරසය දෙනියාය ප්‍රදේශයෙන් පමණක් වාර්තා වී තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයෙන්ද ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන අද (08) පස්වරු කාලයේ වයිරසය බෝවීම සම්බන්ධයෙන් සහ එහි රෝග ලක්ෂණ හා ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක්ද දෙනියාය නගරයේ හා ඒ අවට ප්‍රදේශවල සිදු කළ අයුරුද ද දක්නට ලැබුණි.