
( කේ. බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර ඇත
කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සදහා දිනකට ගමන්වාර 10 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ
කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා එක් මගියෙකුට යාමට අයකරන ගාස්තුව රුපියල් 450 කි.
COMMENTS
මේ සඳහා විශේෂිත බස් යොදවනවා නං හොඳයි , අඩුම තරමේ ගෙනෙන ගමන් මලු ටික උඩ රඳවාගන්න පුළුවන් ලොකු රාක්ක සවිකරපු බස් වත්
හිටපු නායකයින් රටට දායාද කරලා ගිය සම්පත්වලින් රටට උපරිම ප්‍රයෝජන ගන්න එක පවතින පාලනයේ වගකීම. රනිල් මත්තල වී ගබඩා කළා වගේ හරක් වැඩ නොකර...
ඕක අඩුම තරමේ හැම පැය භාගයකට වරක් බස් රථයක් ධාවනය කරවන්න පුළුවන්ද?
ඉතාම හොද වැඩක්. කප්පම්කරුවන්ගේ බලපෑම් වලට යටත් නොවී දිගටම පවත්වාගෙන යන්න පුලුවන් වේවා.
මාකුඹුර බහුකාර්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව දක්වා යාමටත් එවැනිම බස් සේවයක් ආරම්භ කරනවා නම් බොහොම පිං මොකද හෝමාගමින් හා එම ආසන්න ප්‍රදේශවල සිට පිටකොටුව දක්වා ධාවනය කරන බස් විවිධාකාර ගාස්තු අයකරනවා... බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිනිස්සු හඳුනාගෙන තියෙන සියලුම වැරැදිත් කරනවා බලන්න කෙනෙකුත් නැහැ...
මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ටැක්සි රථ මාෆියාවක් තිබෙනවා. කිසිම රජයකට මෙය වෙනස් කරන්න බැරිවුණා. කෙසේ හෝ බස් සේවාවන් නවත්වා දමනවා. ඉන්න බොහෝමයක් එජාපයන්. අනෙක් අය පොහොට්ටු NPP ය.. ටැක්සි මාෆියාවේ කිසිවෙකුගෙන් බැනර් දමන්න, පොස්ටර් ගහන්න උදව් ගත්තේ නැති නිසා ඔවුන්ට පුළුවන් වේවි.. අපි බලමු.
බොහෝම හොඳ වැඩක්...!
ටැක්සිකාරයන්ට බයේ නැවැත්තුවේ නැත්නම් ඇති
ලංගමට ජයවේවා !!! ප්‍රයිවට් බස් මාෆියාව පිටුපස හිටපු හොර තක්කඩි දේශපාලුවන් විසින් විනාශ කරපු ලංගම නැවතත් පණගන්වා,‘‘ ඉස්සර වගේ " විනීත, කාර්යක්ෂම, ආරක්ෂාකාරී, වැදගත්, පිරිසිදු ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් අපි අපේ උපරිම සහයෝගය දෙමු...