(ඉන්දිකා රාමනායක, යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
තොටලග කජීමා වත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස ආශිතව අද (27) ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදා ආරංචි මාර්ග පවසයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් ගිනි භටයන් 50 කට අධික පිරිසක් යොදවා ඇතැයිද ගිනි නිවන හමුදාව සඳහන් කරයි.
මෙම ගින්න රාත්‍රී 7.30 ට හටගෙන ඇති අතර මේ වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා අවසන් කර නොමැත.
ප්‍රදේශයේ මාර්ග පටු වීම නිසා විශාල ගිනි නිවන රථ වලට එම ප්‍රදේශයට ගමන් කිරීමට නොහැකි වී ඇති හෙයින් . එය ගින්න නිවී මේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන්ව කරයි
කැලණි ගඟේ තොටළග ප්‍රදේශයෙන් වතුර ගෙන බවුසර් රථවලට පුරවා වීමේ කටයුතු සිදුකරන බවද ගිනි නිවන හමුදාව පවසයි.
කජීමා වත්තේ පැල්පත් නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර ඇති බවත් එම පැල්පත් ආශ්‍රිතව මෙම ගින්න හටගෙන පැතිර ගොස් ඇති බවද ගිනි නිවන හමුදාව කියයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්නක්