(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)
රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පවුලක සිව් දෙනකු වස වර්ගයක් ශරිර ගත වීමෙන් අද පෙරවරුවේ මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.
මෙලෙස මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත්තේ රඹුක්කන පත්තම්පිටිය ග්‍රාමයේ පදිංචිව සිටින වයස අවුරුදු 28 වන පියා වයස අවුරුදු 27 වන මව ඔවුන්ගේ දරු දෙදෙනා වන වයස අවුරුදු 4 මාස 10 වන දියණිය හා මාස 11 වයසැති දියණිය බවත් පොලිසිය පැවසීය.
මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මව පියා සිය දරුවන් දෙදෙනාට නිවසේ දී වස පොවා ඔවුන් දෙදෙනා ද වස පානය කරන්නට ඇති බව පොලිසිය සැක පහළ කරයි.
පසුව ඔවුන් නිවසේ වැටී සිටින අයුරු අසල්වැසියන් දැක ත්‍රීරෝද රථයකින් ඔවුන් සිව් දෙනා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
දරු දෙදෙනාට වස පොවා මව්පිය යුවළ වස පානය කිරීමට හෙතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෑගල්ලේ පුංචි පවුලකට වස ශරීරගත වෙලා?