(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (07)සම්මත විය.
සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ස්ථිර කළේය.
යෝජනාව ඉදිරිපත් කරමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ මේ වන විට ලොව බොහෝ රටවල් කංසා බෝගයක් ලෙස වගා කර ආදායමක් ලබමින් සිටින බවයි.
මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කළහ.
COMMENTS
රට ගංජා දේශයක් වුණා එහෙනම්... රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටි හාමුදුරුවරු කොහේ හැංගුණාද?
කාලෝචිත හොඳ අදහසක් ඩයනා මංත්‍රිතුමිය ගෙනාවේ..
කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය වුවත් කන්සා වගා කිරීමට තව කල් තිබේ
ඔය අය හැසිරෙන්නේ ගංජා කරයින් වගේ තමයි. රන්ජන් කිව්වනේ වැඩිදෙනෙක් කොකේන් ගහනවා කියලා. රන්ජන් හැර කවුරුවත් පරීක්ෂණයට ඉදිරිපත් වුනේ නැහැනේ...
අවුරුදු 70 ක් තිස්සේ කිසිම පිරිමියෙකුට කරන්න බැරි වුන වැඩක් එඩිතර කාන්තාවක් කිරීම ගැන රටක් වශයෙන් ලොකු ආඩම්බරයක් ,ඔබට යෝධ ශක්තිය ලැබේවා මැතිනියනි
පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡා අවස්තාවේ මෙම වගාව හමුදාව සම්බන්ධ කරගෙන කරන්න කියලා අපනයන ඇමතිවරයා කිව්වා .මෙම වගාව කිරීමට බලපත්‍ර දීමට ක්‍රමයක් ඇතිකර (එයින්ද රජයට ආදායමක් ගත හැකිය ) වගාවට අවසර දීමත් මිලට ගැනීමට හා විකිණීමට බලපත්‍ර නිකුත් කිරීමටත් (මෙයිනුත් සුරාබලු බලපත්‍ර මෙන් ආදායමක් ගතහැකිය) කටයුතු කරන්න වගා බලපත්‍රය නොමැතිව වගාව කලොත් මිලට ගැනීම තහනම් කිරීම සුදුසුයී
හොඳ වැඩක්... මේකෙන්වත් විදෙස් විනිමය උපයන්න හොඳ වැඩපිළිවෙළක් යොදයිද දන්නේ නැහැ....
නෝනා දිනුවා එහෙනම්....!!!
සිවුරු, සිල් රෙදි, නෙළුම් මල් පෙන්නගෙන ඡන්දෙ ගත්ත උපාසකයින් ටික දැන් ගංජ වවන්න තියෙන උනන්දුව... ඔය දේ වෙන රජයකින් කෙරුවා නම් පන්සල් ගානේ රිංගලා කියන කතා අපිට හිතාගන්න පුළුවන්..
හොඳ නියාමනයක් එක්ක ක්‍රියාත්මක වුනොත් හොඳම ආදායම් මාර්ගයක්... දැන් ඉතින් විපක්ෂ උන්දැලා වැළලෙන්න හදයි..
ආදායම් නිසා ඉතා හොඳයි
හොඳයි
ඉතාම නුවණැති ක්‍රියාවකි.අපි කාගේ උවමනාවටද කන්සා තහනම් කරගෙන හේන් ගිනි තියාගෙන නැටුවේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න.දුම්වැටි වලට විරුද්ද නොවන ඔබ කන්සා වලට විරුද්ද වෙන්නේ මොන පදනමක ඉඳන්ද කියලා හිතා ගන්න අමාරුයි ....කොහොම උනත් ඩයනා ට පින් සිද්ද වෙන්න හරි මේ පියවර ගැනීම ගැන මම සතුටු වෙනවා