පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඖෂධ ගබඩා කර ඇත්නම් එම ස්ථාන ඖෂධ හළක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බව සෞඛ්‍ය දේශිය හා පෝෂණ වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ පිළිබඳ රෙගුලාසි ඉදිරියේ දී ගැසට් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ ලංකා ඖෂධ අලෙවිකරුවන්ගේ සංසදය සමඟ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඖෂධ මිල අඩු කිරීම නිසා ඖෂධ සමාගම් 18% ක් ව තිබූ වට්ටම් මුදල මේ වන විට අඩු කර ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය මගින් දැනුම් දුන් අතර,ඒ පිළිබඳව වාණිජ මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ.
ඇතැම් ඖෂධ වල වට්ටම් මුදල සියයට 5 දක්වා අඩු කර ඇති බවත්, මේ නිසා ඔසුසල් පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුව ඇති බවත් ඔවුහු අමාත්‍යවරයා දැනුවත් කළහ.
මෙහිදී ඩොලරයේ මිල ඉහළ යාම නිසා ඖෂධ අලෙවි කිරීමේ දී සහනයක් ලබාදෙන ලෙස ඖෂධ වාණිජ මණ්ඩලය කර ඇති ඉල්ලීම පිළිබඳව සළකා බලා ඒ පිළිබඳව මිල කමිටුව මගින් තීරණය කිරීමට නියමිත බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
අනතුරුව එම ඉල්ලීම පිළිබදව ඖෂධ වාණීජ මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට තීරණය තීරණය කෙරිණි.
(36698)
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ඖෂධ ගබඩා කර ඇති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ඖෂධ හළක් ලෙස ලියාපදිංචි කළ යුතුයි ‘