IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ඔන්ලයින් පනතට හසුවන දේවල් මෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔන්ලයින් පනත මගින් ආවරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කොට වංචා කිරීම්,අන්‍යයකු සේ පෙනී සිටිමින් වංචා කිරීම ඇතුළු මුලික කරුණු නවයක් සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කැරැල්ලක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,ළමා අපචාර ,කාන්තා හිංසනය,ආගමික සහජීවනයට බාධා කිරීම,අසත්‍ය ප්‍රචාර සිදු කිරීම මගින් ජාතික ආරක්ෂාවට නීතිය හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම යන කරුණු ද ඔන්ලයින් පනත මගින් ආවරණය කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසූයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් යෝජනාද සමඟ නව පනත සම්මත කර සිවිල් සංවිධාන නියෝජිතයන් විවිධ සිවිල් සංවිධාන දුන් අලුත් චෝදනා ද ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ගැසට් කරන බවයි.

 



අදහස් (11)

ඔන්ලයින් පනතට හසුවන දේවල් මෙන්න

Sachith Tuesday, 23 January 2024 01:28 PM

"අසත්‍ය ප්‍රචාර සිදු කිරීම මගින් ජාතික ආරක්ෂාවට නීතිය හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට..." ඔන්න ඔය කෑල්ල ඇතුලේ ඉතින් තවත් රසවත් කතා තියෙන්නේ .ජනාධිපති උතුමාණන්ට අපහාස කරා ,උතුමානන්ගේ සාගල මැතිතුමාට බැනලා අපහාස කරා කියලා නඩු දායි

:       11       47

Kumara Tuesday, 23 January 2024 01:37 PM

ඔබ සමාජ මාධ්‍ය වාරණයට එරෙහි නම් මේ පනතට පක්‍ෂව චන්දය දෙන මන්ත්‍රීවරු ඊලග මැතිවරණයේදී ගෙදර යවන්න වග බලා ගමු

:       14       48

චන්දිම ෆොන්සේකා Tuesday, 23 January 2024 01:40 PM

මම නම් හිතන්නේ රට වටකොට වට බැන්දත් මිනිස්සුන්ගේ කට වටකර වැටවල් බඳින්න නම් ආණ්ඩු පක්ෂෙට බැරි වේවී. ඔන්ලයින් ඔස්සේ අදහස් පල කරන්නේ ආණ්ඩු පක්ෂේ වැරදි විවේචනය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි දහස් ගණනින් බව ආණ්ඩු පක්ෂයට තාම තේරිලා නැහැ. ජනතාවට තමන්ගේ අදහස් සාධාරණව තියෙන ඉඩ අහුරලා එක එක ඔය ආණ්ඩු පක්ෂේ නිර්වචන ඔස්සේ ඒවා ගැන තීන්දු අරගෙන දඬුවම් කරන්න ගියොත් නම් ඉතින් ආණ්ඩු පක්ෂෙට වෙන වැඩක් කරන්න කාලයක් ඉතුරු වෙන එකක් නැහැ. මිනිස්සු බුරුතු පිටින් අල්ලාගෙන උසාවි දාන්න වේවී. පොලිසි වලට වෙන වැඩක් නැති වේවි. හිර ගෙවල් රට පුරා හදන්න වේවි. එක්කෙනෙකුට දඬුවම් කලොත් තව සිය දහස් ගණන් එක වර අභියෝග කරාවි. ආන්ඩුවේ ඉදිරි ආයු කාලය අඩු බව මිනිස්සු බය වෙන එකකුත් නැහැ. මේකට අත උස්සන දියවන්නා සෙට් එකට ඉතින් මැතිවරනෙන් පස්සේ යන එන මන් නැති වේවි.

:       8       36

Rathnayaka Tuesday, 23 January 2024 07:19 PM

සිරිමාවෝ මැතිණියගේ 1970-1977 තුන් හවුල් ආණ්ඩුව ලේක් හවුස්` රජයට පවරාගෙන ඊළඟට දවස පත්තරේට සීල් තැබුවා 1977 මැතිවරණයට පස්සෙ ඒ ආණ්ඩුව සෝදාගෙන ගියා

:       0       4

chandana Tuesday, 23 January 2024 02:00 PM

ඕනෑම නිදහසක් දෙන විට එයින් අනෙකාගේ නිදහසට හානි කිරීමේ අවස්ථාවන් ඇහිරිය යුතුය. පුරවැසියකුට සත්‍යය දැනගැනීමට, සාමයෙන් සමගියෙන් විශ්වාසයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට අයිතියක් තිබිය යුතුය. වෛරය, බොරුව, අසහනය වපුරන අපහාසය හා අසීරුතාවයට පත්කිරීම මූලික අරමුණ වන සමාජ මාධ්‍ය භාවිතය නොපමාව පාලනය කල යුතුය. ඒවා සාමකාමී සමාජයකට බාධාවන්ය. එවැනි සාමකාමී සමාජ වල තම ව්‍යාපාරයන්ට අවස්ථාවක් නැති බැවින් මෙවැනි සමාජ මාධ්‍යකරුවෝ පළමුව සිදුකරන්නේ සමාජයක සාමකාමී බව කඩා බිඳ දැමීමයි. මෑත කාලීන සිදුවීම් අනුව මෙම පාලනය හා නියාමනය තව දුරටත් ප්‍රමාද නොකල යුතුය. සමාජ මාධයයන් යහපත සඳහා යොදාගන්නා කිසිවකුටත් මෙහි කලබල වීමට හේතුවක් නැත. කලබල වන්නේ පෙර කී සමාජ විරෝධීන්මය.

:       23       19

SachithTuesday, 23 January 2024 02:41 PM

මේ දේවල් ගැන අලුතින් නීති ගේන්න ඕනෑ නෑනේ... දැනටමත් ඒවාට අවස්ථාව තියෙනවා. සමාජ මාධ්‍යය තුළ වුණත් ඒවා පිළිබඳව වාරණයන් දාන්න පුළුවන්... හැබැයි ඉතින් ඔය හොර එකවුන්ට් දාගෙන ඡන්ද කැම්පේන් කරන අයව අල්ලන එකනම් තාම ටිකක් අමාරුයි...!

:       4       17

Cham Tuesday, 23 January 2024 06:57 PM

ඔය මැති ඇමතිවරු මුළු රටක් රවට්ටන්න සමාජ මාධ්‍ය තුල කියන පට්ට පල් බොරු..ඔය කියන පනතට යටත් වෙන්නේ නැද්ද ?

:       0       6

Rata Perata Tuesday, 23 January 2024 07:10 PM

දේශපාලුවන් ජනතාවට කරන අපහාසවලට මොවුන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෑ. දැන් බලන්න රටේ නායකයා ඉන්නවා. මන්ත්‍රී කෙනෙක් වෙන්නත් ජනතාව ඡන්දෙ දුන්නු කෙනෙක් නෙවෙයිනේ... ඒත් මිනිහා රටේ දේපළ විකුණන්නේ ඉහළම ජනවරමක් ලැබුණු කෙනෙක් වගේ...

:       0       0

ajantha Tuesday, 23 January 2024 07:33 PM

මීළඟ චන්දයෙන් පත්වන අලුත් ආණ්ඩුව ඔය ජරා මගුල විසිකරනවා.ඕකට අත උස්සපු හොරු මැරයෝ ඔක්කොම කුඩුවට යවනවා,අනිවාර්යයෙන්ම.

:       0       4

සල්ලි Wednesday, 24 January 2024 07:17 AM

පාර්ලිමේන්තු වේ කතා කරන ගොඩක් දේවල් සමාජ මාධ්‍ය දාන්න බැරි වෙයි මොකද ඒකේ කතා හින්දා ඔය ඔක්කොම ගැටලු ඇති වෙනවා...

:       0       4

Prase Wednesday, 24 January 2024 09:07 AM

‍යකෝ ගෑනු හිංසනය විතරද ති‌යෙන්නෙ පිරිමි හිංසනය ට නීති නැද්ද, මොකද්ද මෙ නීති හදන එක

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 45 0

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 100 0

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 12 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි
2024 අප්‍රේල් මස 29 85 0

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


පරාතේ තහනම මැතිසබයට
2024 අප්‍රේල් මස 29 241 0

බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්‍රදානය කරන ලද


පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 217 0

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site