IMG-LOGO

ඔක්සි මීටරයෙන් වැඩගන්නේ මෙහෙමයි

(ගයාන් සූරියආරච්චි)

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාව සහ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම ප්‍රධාන ලක්ෂණ දැකගත හැකිය.

ඔබ රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වීමත් සමග ඔක්සි මීටරය පිළිබඳව කාගේත් කතා බහට ලක් විය. ඔක්සිමීටර  මඟින් රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැනීමේ  හැකියාව ඇති අතර බොහෝ දෙනෙකු එය නිවැරදිව භාවිතා කරන අයුරු තවමත් නොදන්නවා විය හැක.
ඔක්සිමීටරය භාවිතා කරමින් රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය මෙන්ම හෘද  ස්පන්දන වේගය ද මැන ගැනීමේ හැකියාව ඇත. එමගින් අප සිරුරේ ඔක්සිජන් ක්‍රියාකාරීත්වය සහ හෘද ස්පන්දන වේගය මැන ගැනීමෙන් යම් අවබෝධයක් ලබාගත හැකිය. එමෙන්ම ගුණාත්මක බවින් යුත් මීටරයක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ .

ඔක්සි මීටරය භාවිත කරන අයුරු 

අප අතෙහි ඇඟිලි සියල්ලටම ඔක්සිමීටරය සම්බන්ධ කිරීමෙන් යම් අගයක් ලබාගත හැක එහෙත් සම්මතයට අනුකූලව නිවැරදිව අගයක් ලබා ගත හැක්කේ දබර ඇඟිල්ලට සම්බන්ධ කිරීමෙනි. මෙහිදී දඹර ඇඟිල්ල හා සම්බන්ධ කළ යුතු පැත්ත පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය.
ඔක්සිමීටරය ක්‍රියාත්මක කළ පසු එහි රතු එළියක් දැල්වන පැත්තෙන් ඔක්සිමීටර විවෘත කර එහි ඇති සංවේදකය වැසෙන පරිදි දබර ඇඟිල්ල යොමු කිරීම වැදගත් වේ.

තප්පර කීපයක් ඇතුලත අගයක් ලබා දෙන අතර එය රුධිරයේ ඔක්සිජන් අගය 100-95 දක්වා පැවතීම හොඳ අගයක් ලෙස හැඳින්විය හැකිය.එමෙන්ම හෘද  ස්පන්දනය 60 සිට 100 දක්වා යම්කිසි හොඳ අගයක් ලෙස සැලකිය හැකි අතර 72 ඉතා හොඳ අගයක් ලෙස සැලකිය හැකිය.
එමෙම රුධිරයේ ඔක්සිජන් මට්ටම 90 වඩා පහළට ගිය හොත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. එහිදී ඔබට ඔක්සිජන් ලබා දිය යුතුද යන්න පිළිබඳව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ.

මෙහිදී ඉතා වැදගත් වනුයේ රජයෙන් අනුමත කරන ලද ඔක්සිමීටරයක් භාවිතා කිරීමය. නැතහොත් වැරදි උපකරණයක් භාවිතා කර වැරදි දත්ත මත වැරදි තීරණ ගැනීමෙන් අමාරුවේ වැටීමට ද සිදුවනු ඇත. 

ලෝක ආබාධිත සහ පුනරුත්ථාපන වෘත්තිකයන්ගේ සංගමයේ උප සභාපති ආචාර්ය සුජීව විරසිංහ



අදහස් (0)

ඔක්සි මීටරයෙන් වැඩගන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site