
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
2023 වර්ෂයේ අගෝස්තු 2 වෙනි දින රත්නපුර කුරුවිට මැණික් ව්‍යාපාරිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14 ක් පමණ වටිනා වාහන සහ මැණික් ඇතුළු දේපළ තොගයක් එම ප්‍රදේශයේ පුද්ගලයකු බලහත්කාරයෙන් ලබාගත් බව පවසමින් පැමිණිල්ලක් සිදුකර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එකී පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බලහත්කාරයෙන් එම දේපළ ලබා ගත් බව කියන පුද්ගලයාව එම දේපළ සමග කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් එම දේපළ පැමිණිලිකරු වෙත ඒක පාර්ශ්විකව ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලකට අනුව අනාවරණය වීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් නිසි ක්‍රමවේදයකින් තොරව එම දේපළ පැමිණිලිකාර පුද්ගලයා වෙත භාරදී ඇති බව විමර්ශන වලදී අනාවරණයවී ඇත.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඒ.එස්.පී නෙවිල් සිල්වා අත්අඩංගුවට
kasun Monday, 09 December 2024 09:58 PM
මේ අයට ප්‍රසිද්ධියේ ගල් ගහන්න දෙන්නකෝ...!
sam Tuesday, 10 December 2024 07:10 AM
ඒ කියන්නේ හැම අංශයකම හොරු රජ කරපු.. කඩා වැටුණු රටක්..!