
(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා සියලුම ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ට කොවිඩ් මර්දන එන්නත විශේෂ ප්‍රමුඛත්වයදී ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ සභාපති හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නීය.
රජය ආයෝජන කලාපවලින් ලැබෙන විදේශ විනිමය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන අවස්ථාවක ඒ කලාපවල සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යය ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වන බව කෝන්ගහගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය .
ආයෝජන කලාපවල එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වී නැතැයිද ඇය චෝදනා කළාය .
එසේම රාජ්‍ය අංශයේ ගැබිනි සේවිකාවන්ට ලබාදී ඇති නිවාඩු සහනය පෞද්ගලික අංශයේ ගැබිනි සේවිකාවන්ටද එක සේ ලබාදෙන්නැයි ඇය ඉල්ලීමක් කළාය .
පවතින තත්වය යටතේ ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ගෙන් පෝෂණ මට්ටම ගැනද රජය මීට වඩා උනන්දු විය යුතු බවත් ඒ සඳහා එම ආයතන පාලකයන්ට අනුග්‍රහ ලබාදිය යුතු බවත් ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය අවධාරණය කළාය .
2025 ඔක්තෝබර් මස 08
1429
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘ එන්නත් ලබාදීමේදී ආයෝජන කලාපවලටත් ප්‍රමුඛතාව දෙන්න‘
සෙනෙවිරත්න Saturday, 12 June 2021 03:19 PM
මෙය මුලින්ම කල යුතුව තිබුන. ඩොලර් එකක් හොයන කෙනා වටිනව රාජ්‍යසේවයේ ඉඳගෙන ඉටිකොල ආවරන යටට වෙලා පුටු රත්කරන අයට වඩා. ඒ සේවාවල් අදාලම නැහැනෙ.
Sri Lanka Saturday, 12 June 2021 05:15 PM
හැමදා අලුත් මුහුණු ඇවිල්ලා මාධ්‍ය සංදර්ශන.. ඔහොම ගියොත් රට හැමදාම වහලා..
de silva Saturday, 12 June 2021 08:56 PM
මුලින්ම එන්නත් කළ යුත්තේ හෘද රෝගී වැනි නිධන්ගත රෝග ඇති පුද්ගලයින් සහ වයසක පුද්ගලයින්... ඔය ඇඟලුම් කම්හල් කරුණාකර වසා දමන්න. ඔය කම්හල්වල 400-500 එකට වැඩ කරනවා. ඔය කම්හල් කොරෝනා නිෂ්පාදනය සහ බෙදාහැරීම විශාල ලෙස සිදුකරනවා.