IMG-LOGO

එන්නතට කලින් මරණ ගණන මිලියන 2 ක් වෙන්න පුළුවන්



(ඒ.එෆ්.පී./රොයිටර්)

කොරෝනා වයිරසයට එන්නතක් සොයාගැනීමට පෙර එම වයිරසය හේතුවෙන් වාර්තා වන මරණ ගණන මිලියන දෙකක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

කොරෝනා වයිරසය පාලනය කළ හැකි සාර්ථක එන්නතක් ලොවපුරා භාවිත කිරීමට පෙර දැනට තිබෙන මරණ ගණන දෙගුණයක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. වසංගතය පාලනය කිරීම සඳහා සාමූහික පියවර නොගතහොත් එම ගණන ඊටත් වඩා ඉහළ යා හැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආපදා වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් මහතා අනතුරු ඇඟවීය.

“අපි ඒක නොකළොත් මරණ ගණන මිලියන දෙකක් කියන දේ හිතාගන්න බැරි වෙනවා විතරක් නෙමෙයි, ඒක ඇත්තටම වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩි” යැයි හෙතෙම අනතුරු ඇඟවීය. ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මරණය පත්වූ ගණන මිලියනයකට ආසන්න වෙමින් තිබෙන මොහොතක ඔහු එම අනතුරු ඇඟවීම කළේය.

මේ වනවිට ලොව නන්දෙසින් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව  984,470කි. අවසන් පැය 24 දී වයිරස ආසාදිත මරණ 5,022ක් වාර්තා වී තිබෙන අතර වැඩිම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි.  ඉන්දියාවෙන් මරණ 1,109ක් ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වයිරස ආසාදිත මරණ 741ක් ද බ්‍රසීලයෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 696 ක් ද වාර්තා වී තිබේ.


- 055



අදහස් (1)

එන්නතට කලින් මරණ ගණන මිලියන 2 ක් වෙන්න පුළුවන්

asanka Saturday, 26 September 2020 11:18 AM

ඔය මරණවලට ලෝක සෞක්‍ය සංවිධනය සහ චීනය වගකිව යුතුයි.

:       5       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site