
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව පක්ෂයේ සෙසු කණ්ඩායම් සමග මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ හැකි බවට දැනුම් දී ඇතත් එක්සත් ජාතික පක්ෂයෙන් එයට යහපත් ප්‍රතිචාර ලැබී නැතැයිද මහලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම දූෂණ චෝදනා ලැබූ පිරිසක් එහි සිටින බැවින් ඔවුන් සමඟ සන්ධාන ගතවීම ගැටලුවක් වී ඇතැයි ද ඔහු කීවේය.
මේ හේතුවෙන් කොන්දේසි සපුරන කරන තෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කරන සාකච්ඡා තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කර ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බවත් ඔහු පැවසීය.
COMMENTS
මොකක්ද උන්නැහේ ඔහෙලගේ තියෙන අමුතු ප්‍රතිපත්ති . කොහොම හරි සජිත්ට ජනාධිපති වීමයි ඔහෙට අගමැති විමයිද ප්‍රතිපත්තිය ? ඒවා මේ කපේදී වෙන්නේ නැහැ . ඔය මෝඩ සජියගේ උද්දච්චකම නොතිබුනානම් මිනිහ අපුරුවට ඊළඟ චන්දෙදි අගමැති වෙලා ඉන් පසු අවස්ථාවේදී ජනාධිපති වෙන්න තිබුන . ඊළඟ චන්දෙදි ඔහෙලට විපක්ෂ නායක කැමති නැති වෙනවා . එතකොට ඔහෙලගෙ අමාරුව හොඳ වේවි .
ඉතා හොඳ තීරණයක්...! දූෂිතයින් සමග එකතු වෙන්න නම් එපා. ජනතාව ඉන්නේ ඉතාම වේදනාවකින්.... දූෂිතයන් මේ රටට කරපු විනාශයට...
සජිත්ට තියෙන්නේ එසේ මෙසේ මොලේ අමාරුවක් නෙමෙයි. විපක්ෂ නායකකමට කිසිසේත්ම සුදුසු නෑ.
මම නම් කියන්නේ දූෂිතයින් එක්ක සකච්ඡා කිරීමත් අනුවණ වැඩකි... ජනතාව ඉන්නේ ඉතාම ලොකු කලකිරිම් වලින් දූෂිතයින් හා තක්කඩියන් මේ රටට කර ඇති විනාෂයන් නිසා...! ඔබලා ජනතාව ගැන විශ්වාසය තියන්නේ දූෂිත දේශපාලන පක්ෂ කෙරෙහි නෙමෙයි...
ෂ්‍රයින් න්‍යාය අතහැර පළමුව කොන්දේසි අඩුකර සංධානගත වී රජයක් පිහිටුවීමට උත්සාහ කරන්න. ආත්මාර්ථය පමණක්ම බලාගෙන ජනතාව ඉදිරියට පැමිණ පච වෙන්න එපා.
ඔයලා විස්වාස කරන්නෙ ඡන්දය දෙන ජනතාවද එහෙමත් නත්නම් වන්චා දුෂණ වලට සම්බන්ධ වුණු පක්ෂවල ඉන්න අයද ? කෙලින් තිරණ ගන්න බැරිනම් ඡන්දෙ ඉල්ලන්න එන්න එපා
මෙයා හිතන් ඉන්නේ සජබෙ ඉන්නේ සුපිරි කට්ටියක් කියලා. කරුණාකරලා නායකයාගේ ඉදලා පහළට එකිනෙකා පිළිබඳව වෙන වෙනම තොරතුරු විමසන්න, එතකොට පෙනේවි පිරිසිදුකම
දූෂිතයෝ එක්ක එකතු වෙන්න එපා කියන්නේ සජිතුත් සංස්කෘතික අරමුදල් කොල්ලකාපු දූෂිතයෙක්නේ
මද්දුම බන්ඩෝ , ඔයගොල්ලෝ එකතුවෙලා ආවත් ,බෙදිලා ආවත් ජනතාවට ප්‍රශ්නයක් නැහැ.මේ මහා මැතිවරණයේදී ජනාධිපතිවරනයටත් වඩා අති විශාල ජනතාවක් මාලිමාවට චන්දය දෙනවා. අනිවාර්යයෙන්ම 5/6 ආසන ප්‍රමාණයක් ගන්නවා. මුළු රටම දැන් සුදානම් වෙන්නේ ජේ ආර් ජයවර්ධන කියන මුසල කාලකන්නි මිනීමරුවාගේ වියවස්තාව වෙනස් කිරීමටයි. මේ රටට ශාපය ගෙනාව ජේ ආර්ගේ වියවස්තාව වෙනස්වෙනවා , ජනතා හිතකාමී ,රටට වාසනාව උදාකරන , ජනතාවගේ වියවස්තාවක් ළඟදීම.
නමින් සමගි ජනබලවේගය උනාට නැත්තෙත් ඒකමයි. දූෂිතයෝ කිට්ටු කරගත්තු ,කොන්ද පණ නැති නායකයෙක් ඉන්න පක්ෂෙකට කවුද හේත්තු වෙන්ඩ කැමති ?
ඔය කෙනා මුල ඉදලම කකුලෙන් ඇද්දේ එජාපෙ නායකත්වය ගන්න . යහපාලනය කුමන්ත්‍රණය කරලා පැරද්දුවෙත් මේ කෙනාමයි . දැන් මොනවා වුනත් මේ දුශිතයව ලං කරගත්තොත් වෙන්නේ මහා විනාශයක් . රටට කොඩිවිනයක් . දින්නේ නැති වුනත් මේ රෑ ඉස්කෝලේ කාරයාව නම් ලං කරගන්න එපා කව්රුත් , දෙවියන්ගේ නාමෙන් .
රනිල්ගෙන් බාර් පර්මිට් ලබාගෙන සජිත්ට වැඩ කිරීමද ප්‍රතිපත්තිය? රටේ ජනතාව රවටල යටින් රනිල් සමඟ ඩීල් දමමින් අනුර රනිල් ඩීල් එකක් ගැන කියවනවා. මොනරාගලදී මෙයා අගමැති , මහනුවරදි කිරිඇල්ල අගමැති, එහෙමයි පළාත්වල ඡන්දෙ ගත්තේ. රටේ වාසනාවට මෙයාලා දිනුවේ නැත්තේ.
මහින්ද/ ගෝඨාභය/ ෆොන්සේකා/ ෂවේන්ද්‍ර/ කමල්/විමල්/ විජේවීර/ සෝමවංශ වැනි බොහෝ ශ්‍රි ලාංකිකයන්ගේ නායකයන්/ වීරයන් වූ අයට අද ලංකාවේ හෝ ජාත්‍යන්තරයේ විශේෂ පිළිගැනීමක් නැත. එහෙත් රනිල්ට ලාංකිකයන්ගේ කෙසේවෙතත් ජාත්‍යන්තර පිළිගැනීමක් තවමත් තිබේ. සජිත් ඒ පිළිබදව ගැඹුරැවෙන් නොසැළකුවහොත් ඔහුද ඉක්මනින් මැකී යනු ඇත.