(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි.
ශ්‍රී ලංකාව පසුගිය වසර තුනේ මුහුණ දුන් දැවැන්ත අභියෝග වන පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදයෙන් පසු වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගී වන නිල සමුළුව ද මෙම ආසියා පැසිෆික් සමුළුවයි.
දින හතරක් තිස්සේ පැවැත්වෙන මෙම සමුළුවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව, කෘෂි සංචාරක වැඩ පිළිවෙළක් සැකසීම, අත්දැකීම් හා තාක්ෂණික හුවමාරු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හා කලාපීය වශයෙන් පැන නැගී ඇති ගැටළු සාමුහිකව විසඳා ගැනීම යන කරුණුවලට අදාලව සාකච්ඡා හා සම්මන්ත්‍රණ රැසක් ද පැවැත්වේ.
ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එක්සත් ජාතින්ගේ ලෝක සමුළුවක සත්කාරකත්වය ලංකාවට" ආසියා - පැසිපික් කලාපයේ මෙම අවස්ථා සෑම සාමාජික රටකටම භ්‍රමණය වීම (rotation) අදාල කාල ෙඡ්දනය අනුව සිදුවන සාමාන්‍ය සංසිද්ධියකි. එහි ලොකු/පොඩිත් නැත. අපේ ළිංමැඩි මානසිකත්වය පමණි...