
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට, ජීවනෝපායන්ට සහ වෙරළබඩ ප්‍රජාවට දැඩි හානියක් සිදු කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යුක්තිය සහ වගවීම සඳහා වූ වැදගත් පියවරක් බවත් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
පර්ල් නෞකාවේ මෙහෙයුම් බාර එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමට ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කරමින් ලබාදුන් තීන්දුව පාරිසරික යුක්තියට සන්ධිස්ථානයක් බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය පැවැසුවේය.
එය පරිසරය දූෂණය කරනු ලැබූ තැනැත්තාට වගකීම ලබාදෙන බවත් එය අපගේ සාගර යථා තත්ත්වයට පත් කිරීමට, පරිසර දූෂණය වැළැක්වීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට වන්දි ගෙවීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන බවත් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය සහ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ එච්.එන්.එස් සම්මුතිය වැනි ගෝලීයව බලපාන ගිවිසුම් වල පරිසර දූෂකයා හැමවිටම ගෙවිය යුතුය යන මූලධර්මය අදාළ වන බවද එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය පැවැසුවේය.
වගවීම සහතික කරමින්, පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කරමින් සහ අනාගත සමුද්‍ර ඛේදවාචක වළක්වා ගනිමින්, මෙම වගකීම ඉටු කිරීමට සියලුම පාර්ශවකරුවන් කටයුතු කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අත්‍යාවශ්‍යයි
ගුණරත්න Wednesday, 24 September 2025 08:26 PM
වන්දිය ඕන ධීවරයන්ට නෙවේ, ආණ්ඩුවට ජාම බේරගන්න.