පුද්ගලයෝ වයස්ගත වීමත් සමඟ විවිධ රෝගාබාධවලට ගොදුරු වෙති. ඉන් ඇතමකු විවිධ සංකූලතා නිසාවෙන් ඇඳටම සීමා වෙති. එක්තැන්වූ එවන් රෝගියකුට ප්‍රතිකාර කරන අතරතුරදී ඔවුන්ව රැක බලා ගැනීම නිවැසියන් වෙත පැවරේ. එබඳු විටෙකදී ඔවුන්ව රැක බලා ගන්නේ කොහොමද කියන කාරණය ලිපියේ නිමිත්තයි.
එක්තැන්වූ රෝගියකුව රැක බලා ගැනීම සංකීර්ණ නොවන නමුත් එය සිදු කළ යුත්තේ රෝගියාට පීඩාවක් සේම නිවැසියන්ටද අනවශ්‍ය පිඩනයක් නොවනාකාරයටයි. රෝගියාගේ ආවතේවකරුට මූලිකව තිබිය යුත්තේ ඉවසීමයි. ඇඳටම සීමා වූ රෝගියකුට වෙලාවට බේත් හේත් සේම රෝගියාව පිරිසුදුව තිබීමත් අත්‍යවශ්‍යය.
එක් ඉරියව්වකින් දිගු කලක් හිඳීම නිසා අධික උෂ්ණත්වය, දහදිය හමුවේ රෝගියාට දැඩි අපහසුතාවක් ඇතිවිය හැකිය. මෙවන් අවස්ථාවලදී ‘ඇඳ වණ‘ වැනි තුවාලවලට රෝගියා පහසුවෙන් ගොදුරු විය හැකි බැවින් ඉන් මුදවා තැබීමට අවශ්‍ය පියවර ගත යුතුය. ඒ සඳහා පැය 02න් 02ට රෝගියාව මාරුවෙන් මාරුවට දකුණු ඇළයටත් වම් ඇළයටත් හරවා තැබීම සුදුසුය.
රෝගියාගේ කාමරයේ නිරන්තර පවිත්‍රතාව සේම මනාව හිරු එළිය,වාතාශ්‍රය ලැබිය යුතු වේ. තවද රෝගියාගේ ඇඳුම් පවා දිනපතාම පිරිසුදු ඒවා විය යුතුය. මේ සියලුම දෑ රෝගියාගේ පහසුව සහ සනීපාරක්ෂාව වෙනුවෙන් විය යුතුය. රෝගී පුද්ගලයා භාවිත කරන ඇඳ ඇතිරිලි, තුවා සේම පොරෝනාද දිනපතාම පිරිසුදු කිරීමට වග බලා ගන්න.
එක්තැන්වූ පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය නඟා සිටුවීමද අවශ්‍ය කෙරේ. ඇඳටම සීමා වූ පුද්ගලයකුගේ ලෝකය කාමරයේ බිත්ති 4ට සීමා නොවිය යුතු වේ. ඒවගේම රෝගී පුද්ගලයා සමඟ දවසින් සුළු වේලාවක් හෝ කතා බහ කිරීමට කාලයක් වෙන්ව තිබීම, ඔහු කතා කරන විට ඇහුම්කන් දීම වැනි පියවර අනුගමනය කළ හැකිය. වෙදකමේ සේම හෙදකමේ අගයද දැණෙනුයේ එවිටය.
-සටහන- මාධවී ධර්මරත්න
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
එක්තැන් වූ රෝගියකුව බලාගන්නේ මෙහෙමයි