IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


උසස් පෙළ ඇගයීම් ගාස්තු ගෙවා නෑ - ලංකා ගුරු සේවා සංගමය

(බිඟුන් මේනක ගමගේ) 

අපොස උසස් පෙළ විභාගයේ අතිරේක ශාලාධිපති හා ඇතැම් විෂයන්ගේ උත්තර පත්‍ර ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්ගේ ගාස්තු මෙතෙක් ගෙවා අවසන් කර නැතැයි ද ඒවා කඩිනමින් ගෙවන්නැයි ද ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලිපියක් යොමු කර ඇත.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර උත්තර පත්‍ර නැවත සමීක්ෂණ කටයුතු ද ආරම්භ වීමට නියමිතව තිබියදී මෙම ගෙවීම් පමා කිරීමෙන් එම ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

ගෙවීම් පමා කිරීම නිසා ගුරුවරුන් කණස්සල්ලෙන් සිටින තත්ත්වයකදී විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේදී පවත්වන ජාතික ඇගයීම් ක්‍රියාවලියට සැලකිය යුතු බලපෑමක් ඇතිවීම නොවැලැක්විය හැකි යැයි ද ලංකා ගුරු සේවා සංගමය සිය ලිපිය මගින් විභාග කොමසාරිස්වරයාට අවධාරණය කර ඇත.

මෙම තත්ත්වයට දැඩි විරෝධය පළ කරන්නේ යැයි ද එමනිසා පමා කර ඇති සියලු ගෙවීම් වහා ගෙවා ඉදිරි ඇගයීම් ගාස්තු ඉහළ නන්වා වඩා කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (0)

උසස් පෙළ ඇගයීම් ගාස්තු ගෙවා නෑ - ලංකා ගුරු සේවා සංගමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site