IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්

(මනෝප්‍රිය ගුණසේකර සහ රවින්ද්‍ර විරාජ් අබයසිරි)

විදේශගතව සිටින ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ලංකාවට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඒ සඳහා වරෙන්තුවක්ද අද (08) නිකුත් කළේය.

මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් දකුණු ආසියාවෙන්ම මුලින්ම පැවැරූ නඩුව වන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වු ලෙජන්ට් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කළ බවට ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමක කළමනාකාරවරයකු වු යෝගි පටෙල් නමැත්තාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වු උපුල් තරංග මහතා සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් විත්ති පාර්ශවයෙන් මෙන්ම පැමිණිලි පාර්ශවයෙන්ද ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

මේ වන විට රටින් පිටවීම තහනම් කර ඇති යෝගි පටෙල් නමැත්තාගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 16 වනිදා ප්‍රකාශයට පත් කරන බවද විනිසුරුවරයා දැනුම් දුන්නේය.

2024 මාර්තු 08 වැනිදාත් 19 වැනිදාත් අතර කාලයේ පල්ලේකැලේදී ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ක්‍රීඩකයාට මුදලට තරග පාවා දීමට බලපෑම් කිරීමෙන් ක්‍රීඩා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම යටතේ නීතීපතිවරයා මෙම නඩුව පවරා ඇත.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 05 වැනි වගන්තියේ (ඇ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරු කර ඇතැයි නීතීපතිවරයා චෝදනා ඉදිරිපත් කර ඇති අතර ක්‍රීඩා පනත අනුව මෙම චෝදනාව යටතේ ඉදිරිපත් කරන නඩුවක් මාස 03ක කාලයක් තුළ විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතුය.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර යෝගි පටෙල් මහතා අධිකරණයේ පෙනී සිටියේය.

මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් දකුණු ආසියාවෙන්ම මුලින්ම පැවැරූ නඩුව වන මෙම සිද්ධියේ පැමිණිලිකරු මෙන්ම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකුද වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතාට සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කර තිබුණත් නඩුවේ සාක්කි විභාග කිරීම සඳහා නඩුව කැඳවු අවස්ථාවේදී උපුල් තරංග මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.



අදහස් (1)

උපුල් තරංගට විවෘත වරෙන්තුවක්

fairoos Wednesday, 09 October 2024 02:06 PM

අපෝ මෙයාටත් නඩුවක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site