
(ජයන්ත සමරකෝන්)
මින් ඉදිරියට උප්පැන්න සහතිකය යන්න ‘ජාතික උප්පැන්න සහතිකය’ නමින් හඳුන්වාදී මෙතෙක් ළමුන්ට අගතිගාමී ලෙස බලපෑ ‘දෙමව්පියන් විවාහකද? ’ යන කොටස එයින් ඉවත් කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික හා ඡාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් සකස් කර ඇති ජාතික උප්පැන්න සහතිකය භාෂා දෙකෙන්ම නිකුත් කිරිමටත්, එහි ජාතිය යන්නට දෙමව්පියන්ගේ ජාතිකත්වය, ඇතුළත් කර ඇතැයි ද රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා පවසයි.
උපතේ දී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුළත් කර වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සකස් කර ඊට ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සළකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකරයක් ඊට අලවා ඇතැයි ද ඒ මහතා කියයි.
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් ඉදිරියේ දී මෙම ජාතික උප්පැන්න සහතිකය රටට හඳුන්වාදෙන බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතිය නැති කරන්න හදන අයට හෙණ ගහපන්...
උප්පැන්න සහතිකයේ ජාතිය නැති කරලා ජාතිකත්වය (nationality) දමලා සහ ආගම කියන එක නැති කරනවලු. එහෙම කොහොමද? එහෙම කෙනෙකුගේ අනන්‍යතාවය නැති කරන්න අයිතියක් නැහැ. ඊළඟට විවාහක අවිවාහක බව. දෙමව්පියන් අවිවාහක කියලා දරුවන් පාසල් වලට ගන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒක වැරදියි. සෑම දරුවෙකුටම පාසැලකට ඇතුළුවීමේ අයිතිය තියෙන්න ඕනේ. "එකට ජීවත් වීම" කියන සංකල්පය ලංකාවේ නීතිගත කරලා නැහැ. ඒක බටහිර රටවල තියෙන්නේ. ලංකාවේ සංස්කෘතිය අනුව විවාහ නොවී දරුවන් හදන්නේ නැහැ. මේකෙන් කරන්න හදන්නේ විවාහ නොවී එකට ජීවත් වීමට සහ දරුවන් හැදීමට පිරිමියාට අත්තනෝමතික අයිතියක් දීමක් සහ උල්පන්දම් දීමක් සහ ඒ හරහා විවාහයකින් කාන්තාවට සහ දරුවන්ට ලැබෙන අයිතිය සහ සුරක්ෂිතභාවය නැති කිරීමක්...
මමත් මේ ජනාධිපතිතුමාට කැමති පුද්ගලයෙක්, ඒත් මේ ජාත්‍යන්තරේට ඕන විදියට ජාතියක අනන්‍යතාව නැති කිරීම වැරදියි. අපි සියල්ලන්ම තමාගේ ජාතියට ආදරෙයි. මම හිතන්නේ තමන්ගේ ජාතිය සිංහල, දෙමල, මුස්ලිම් කියලා කියන්න කිසිම පුද්ගලයෙක් අකමැති නැති එකේ මේ මෝඩ නිලධාරීන්ට ජාතිය ගැන තියන අමුතු කැක්කුම මොකක්ද?
සිංහල අනන්‍යතාවය නැතිකරලා සිංහල කියලා ජාතියක් නොසිටි බවට, සිංහල ඉතිහාසයක් නොතිබුණු බවට පෙන්වන්න සෑහෙන කාලෙක ඉඳන් කුමන්ත්‍රණයක් දියත් වෙනවා. සිංහල විවාහ ක්‍රමය නැතිකරලා ජාතකයක් නැති පරපුරක් බිහිකරන්න හදනවා. මේක කළොත් එහෙම විජය හොරා කතාවෙන් යක්ඛ ජාතිය නැති වුණු බවට මහා වංශය ප්‍රබන්ධයක් ගෙතුවා වගේ තව බොහෝ කාලෙකින් ලියවෙයි, 2020න් පස්සේ සිංහලයන් ලංකාවේ හිටි බවට සාක්කි නැහැ.. හිටියේ එක ජන වර්ගයයි, ඒ ශ්‍රී ලාංකික කියලයි..
කුළයත් ඇතුලත් කරන්නම ඕන.
හොඳ දෙයක්, ආගම ජාතිය, දෙකම උප්පැන්නෙට වැඩක් නැහැ.
රජයේ ආයතනවලින් නිකුත් කරන උප්පැන්න සහ අනිකුත් ලියකියවිලි කෙරෙන වැරදි නිවැරදි කර ගැනීමට ජනතාවට මාස ගණන් කාර්යාලවලට රස්තියාදු වීමට සිදුවී තිබෙනවා.