IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


උප්පැන්න සහතිකය අලුත් වෙයි

 

(ජයන්ත සමරකෝන්)

 

මින් ඉදිරියට උප්පැන්න සහතිකය යන්න ‘ජාතික උප්පැන්න සහතිකය’ නමින් හඳුන්වාදී මෙතෙක් ළමුන්ට අගතිගාමී ලෙස බලපෑ ‘දෙමව්පියන් විවාහකද? ’ යන කොටස එයින් ඉවත් කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික හා ඡාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් සකස් කර ඇති ජාතික උප්පැන්න සහතිකය භාෂා දෙකෙන්ම නිකුත් කිරිමටත්, එහි ජාතිය යන්නට දෙමව්පියන්ගේ ජාතිකත්වය, ඇතුළත් කර ඇතැයි ද රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා පවසයි.

උපතේ දී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුළත් කර වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සකස් කර ඊට ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සළකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකරයක් ඊට අලවා ඇතැයි ද ඒ මහතා කියයි.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් ඉදිරියේ දී මෙම ජාතික උප්පැන්න සහතිකය රටට හඳුන්වාදෙන බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (14)

උප්පැන්න සහතිකය අලුත් වෙයි

සර් Thursday, 23 July 2020 01:11 PM

සිංහල ජාතිය නැති කරන්න හදන අයට හෙණ ගහපන්...

:       565       1154

BandaraFriday, 01 July 2022 01:04 AM

එහෙම ජාතියක් නැති කරන්න පුළුවන්ද...? බොරුවට මැරෙන්න හදන්නේ නැතුව ඉන්න...!

:       0       0

Champa Thursday, 23 July 2020 01:13 PM

උප්පැන්න සහතිකයේ ජාතිය නැති කරලා ජාතිකත්වය (nationality) දමලා සහ ආගම කියන එක නැති කරනවලු. එහෙම කොහොමද? එහෙම කෙනෙකුගේ අනන්‍යතාවය නැති කරන්න අයිතියක් නැහැ. ඊළඟට විවාහක අවිවාහක බව. දෙමව්පියන් අවිවාහක කියලා දරුවන් පාසල් වලට ගන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒක වැරදියි. සෑම දරුවෙකුටම පාසැලකට ඇතුළුවීමේ අයිතිය තියෙන්න ඕනේ. "එකට ජීවත් වීම" කියන සංකල්පය ලංකාවේ නීතිගත කරලා නැහැ. ඒක බටහිර රටවල තියෙන්නේ. ලංකාවේ සංස්කෘතිය අනුව විවාහ නොවී දරුවන් හදන්නේ නැහැ. මේකෙන් කරන්න හදන්නේ විවාහ නොවී එකට ජීවත් වීමට සහ දරුවන් හැදීමට පිරිමියාට අත්තනෝමතික අයිතියක් දීමක් සහ උල්පන්දම් දීමක් සහ ඒ හරහා විවාහයකින් කාන්තාවට සහ දරුවන්ට ලැබෙන අයිතිය සහ සුරක්ෂිතභාවය නැති කිරීමක්...

:       794       820

SamThursday, 23 July 2020 05:56 PM

ඇස් පේන්නේ නැද්ද? අර දාලා තියෙන්නේ පින්තූරයක්.. ඒකෙ තියෙන්නේ එත්නික් ගෘෘප් කියලා. ජාන වර්ගය.

:       0       1

ChampaSaturday, 25 July 2020 04:57 PM

පේනවා. ලියලා තියෙන්නේ "ජාතිය යන්නට දෙමව්පියන්ගේ ජාතිකත්වය" දාලා කියලා. ඒ කියන්නේ රේස් වෙනුවට එත්නික් ගෘෘප් කියලා. ජාතිය කියන්නේ පුරවැසිභාවය මිසක් ජාතිකත්වය නෙමෙයි. උදා: විදිහට ජාතිය මුස්ලිම් වෙලා, ජන වර්ගය අරාබි වෙලා, පුරවැසිභාවය ශ්‍රී ලාංකික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජාතිය දෙමළ වෙලා, ජන වර්ගය ඉන්දියන් වෙලා, පුරවැසිභාවය ශ්‍රී ලාංකික වෙන්න පුළුවන්. ජන වර්ගයෙන් වැඩක් නැහැ. ජාතිය මොකක්ද කියලයි කියන්න ඕනේ...

:       0       0

චම්පිකාFriday, 24 July 2020 02:21 AM

චම්පා මහත්මියගේ අදහස ඉතාම නිවැරදියි. නමුත් මට මතක තියෙන්නේ නම් උප්පැන්න සහතිකයේ ආගම ගැන සදහන් නැහැ කියලයි. මෙම ආකෘතියේ අංක 5 යටතේ තියෙන අනන්‍යතා අංකය කියන්නේ කුමක්ද. අළුතින්ම උපන් දරුවෙකුට/ දැරියකට ඇති අනන්‍යතා අංකයක් කියනදේ පැහැදිලි නැහැ ඒ වගේම සම්පූර්ණ නම ලියන තැනට පියාගේ නමටත් වඩා වැඩි ඉඩක් දරුවා වෙනුවෙන් වෙන්කර තියෙනවා. සාමාන්‍යයෙන් මෙතෙක් තිබුනේ දරුවාගේ වාසගම නොමැති නම පමණයි. ඒත් මෑතකදී සමහරක් පිරිස් උප්පැන්නයේ වාසගම නැතැයි කියා නම්වෙනස්කරන අවස්ථා ඇතිවුනේ යම්යම් කටයුතුවලට ගියවිට අතිපණ්ඩිත නිළධාරීන් විවිධ කෙනහිලි කල නිසාය.

:       0       1

ChampaSaturday, 25 July 2020 04:38 PM

ස්තුතියි. පෙන්නලා දුන්නට. ඔව් ඔබ හරි ආගම නැහැ. මම මේ ප්‍රවෘත්තිය තව කිහිපතැනක කියෙව්වා. කලින් උප්පැන්නෙත් ආගම ඇතුළත් නැහැ කියලයි කියලා තියෙන්නේ. මට කියන්න ඕනේ වුනේ නමුත් ආගම ඇතුළත් කරන්න ඕනේ සංශෝධනයක් කරනවා නම් කියලා. අපට බොහෝ නීති දාන හදන, සමහර රටවල ජාතිය ඇහැව්වේ නැති වුණාට කැමති නම් ආගම සඳහන් කරන්න කියලා තියෙනවා මම දැකල‍ා තියෙනවා...

:       0       0

චින්තක Thursday, 23 July 2020 02:55 PM

මමත් මේ ජනාධිපතිතුමාට කැමති පුද්ගලයෙක්, ඒත් මේ ජාත්‍යන්තරේට ඕන විදියට ජාතියක අනන්‍යතාව නැති කිරීම වැරදියි. අපි සියල්ලන්ම තමාගේ ජාතියට ආදරෙයි. මම හිතන්නේ තමන්ගේ ජාතිය සිංහල, දෙමල, මුස්ලිම් කියලා කියන්න කිසිම පුද්ගලයෙක් අකමැති නැති එකේ මේ මෝඩ නිලධාරීන්ට ජාතිය ගැන තියන අමුතු කැක්කුම මොකක්ද?

:       127       556

SamThursday, 23 July 2020 05:57 PM

ඇස් පේන්නේ නැද්ද? අර තියෙන්නේ පින්තූරයක්... ඒකෙ තියෙන්නේ එත්නික් ගෘෘප් කියලා. ජාන වර්ගය... අම්මගේ, තාත්තගේ දෙකම තියෙන්නේ. ඒකට දාන්නේ සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා තමයි.

:       0       1

චින්තක Friday, 24 July 2020 02:38 AM

පුදුමයි!!! 127 දෙනෙක් තමන්ගේ ජාතිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැරි තරම් අප්සෙට් ජාතියක ඉපදිලා ඉන්නේ කියලා මම දැනගෙන හිටියේ නැහැනේ

:       1       24

Champa Thursday, 23 July 2020 06:24 PM

සිංහල අනන්‍යතාවය නැතිකරලා සිංහල කියලා ජාතියක් නොසිටි බවට, සිංහල ඉතිහාසයක් නොතිබුණු බවට පෙන්වන්න සෑහෙන කාලෙක ඉඳන් කුමන්ත්‍රණයක් දියත් වෙනවා. සිංහල විවාහ ක්‍රමය නැතිකරලා ජාතකයක් නැති පරපුරක් බිහිකරන්න හදනවා. මේක කළොත් එහෙම විජය හොරා කතාවෙන් යක්ඛ ජාතිය නැති වුණු බවට මහා වංශය ප්‍රබන්ධයක් ගෙතුවා වගේ තව බොහෝ කාලෙකින් ලියවෙයි, 2020න් පස්සේ සිංහලයන් ලංකාවේ හිටි බවට සාක්කි නැහැ.. හිටියේ එක ජන වර්ගයයි, ඒ ශ්‍රී ලාංකික කියලයි..

:       0       1

sena Thursday, 23 July 2020 08:04 PM

කුළයත් ඇතුලත් කරන්නම ඕන.

:       2       0

Rasika Thursday, 23 July 2020 09:23 PM

හොඳ දෙයක්, ආගම ජාතිය, දෙකම උප්පැන්නෙට වැඩක් නැහැ.

:       1       1

Bamunuarachchi Friday, 24 July 2020 02:16 AM

රජයේ ආයතනවලින් නිකුත් කරන උප්පැන්න සහ අනිකුත් ලියකියවිලි කෙරෙන වැරදි නිවැරදි කර ගැනීමට ජනතාවට මාස ගණන් කාර්යාලවලට රස්තියාදු වීමට සිදුවී තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 470 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 332 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site