
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
එම තරුණයා අ පෙරවරුවේ මහනුවර - කොළඹ මාර්ගයේ අධිබල යතුරුපැදියක නැගී ගමන් කරන ආකාරය පොලිසි ගණනාවක නිලධාරීන් නිරීක්‍ෂණය කොට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලුහුබැඳ ගියත් ඒ කිසිවකුටත් ඔහු වෙත ළඟාවීමට හැකිව නොමැති බව පොලිසිය කියයි.
කෑගල්ල සහ මාවනැල්ල පොලිසිද එම පුද්ගලයා ලුහුබැඳ ගොස් ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් කඩුගන්නාව සහ පේරාදෙණිය පොලිසි දැනුවත් කිරීමෙන් අනතුරුව කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධක යොදා වාහන හරස්කොට එම පුද්ගලයා කොටු කර ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔහු පිදුරුතලාගලට යාමට පැමිණියි.
අහංගම සිට පැමිණ කොළඹ හෝටලයක නැවතී අද පෙරවරුවේ ඉන් පිටත්වී යතුරුපැදියේ ගමන් කරන අතරතුර විටින් විට ඔහු හැඳගෙන සිටි ඇඳුම් ඉවත් කළ බවත්යි. ජීවිතය නිදහසේ විඳිය යුතු නිසා එසේ ඇඳුම් ඉවත් කළ බවත් ඔහු භාවිතා කළ ඇපල් වර්ගයේ දුරකථනයද අතරමගදී විසිකර දැමූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදර්ශන කාමය කියන්නෙත් සමහරුන්ට තියෙන තත්ත්වයක්. කඹ වගේ රත්තරන් මාල දාන එක, "මං-දිහා-බලන්න" ඇඳුම් අඳින ඒවත් ටිකක් ඒ වගේ. මේ ෆොටෝ එකේ හැටියට මෙයා කායවර්ධකයෙක්, හැබැයි මොලෙත් ටිකාක් හරි වර්ධනය කරගත්තනම් දෙමව්පියෝ බැණුම් අහන්නෑ.
මානසික ගැටළුවක් ඇති. හැබැයි ඉතින් මාලිමාවෙක් වෙන්නත් බැරි නැහැ, උනුත් මන්ද මානසික නිසා ඔහොම විගඩම් කරලා හිනාවට ලක් වෙනවා.
මාලිමාවෙක් කඩේ යන ගමන්
අසනීප තත්වයක් , මොහුට අනුකම්පාකර සුදුසු වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න.
මේ විරයාගේ දැත් සත්තිමත් කිරිමට අපේ ගමේ සියලුම දෙනා හෙට උපන් ඇඳමින් නැඩට යමු. මාලිමාවට ජය වෙිවා
මේ තරුණයාගේ කියාව අනුමත කරන්න පුලුවන් . හැමදේම අත් හැරීම තමයි නිදහස . ඒක එයාගෙ කැමැත්ත. අපේ අය ගොඩක් කරන්නේ පුලුවන්තරම් බදා ගන්න එක. අධිකරණයකට ගියත් මේ තරැණයාට දඩු්වම් කරන්න බැරිවේවි. මොකද, එයා හැම දේම අත්හැරල.බුද්ධ ඉගැන්වීම් වලට එකගයි. ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ මුලින්ම පාර්ලිමේන්තුවේ අයත් ඔන්න ඕක කරානම් වැඩේ නියමයි. අනික කොහොමත් දැන් ගොඩක් අය ඇදුම් ඇන්දත් හෙලුවෙන් වගේ තමයි.
මූ අර අර්චුනාට වඩා හපන් පිස්සෙක්
මේ දවස්වල බුකියෙ කෙල්ලන්ගෙ ක්‍රෂ් එක! ටික්ටොක් මල්ලිලා අයියලා දෙන්න බලන්න මෙයාට චැලෙන්ජ් එකක්.
සෙනවිරත්න හරි, රට වලට හරි, පයිරූස් හරි, මාලිමාවට කඩේ යන ගමන්.
ඌට ආස නම් යන්න දියල්ලා බන්. ඕක හැංගුවා කියලා මෙතක් කල් පට්ට හොදක් උනැයි.
ඇපල් පෝන් එක හම්බ උනොත් , හම්බවුනු කෙනෙක් කිව්වොත් අපේ සදාචාරේ, නැත්නම් සුද්දගෙ සදාචාරේ!
ඊය. ඒත් අනේ මම දැක්කේ නෑනේ එයාව!
අපරාධකාරයෙක් ගියත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා.. අපි පොඩි කාලේ හොරා පොලිස් කරා මීට වඩා හොඳට
අන්ගොඩට යොමු කරන්න .බටහිර රටවල මෙවැනි රෝගීන් වැඩියි
මනුසතා, ඔහු මෝටර් බයිසිකලය අතහැරියේ නැත්තෙ ඇයි කියා පහදා දෙනු මැනවි. ඔබ ගොන් වහන්සේගේ තියරියට අනුව ඒකත් අතහැර තිබුනා නං මේ ගැටලුව නෑ නේද?
මාලිමාවට කඩේ ගිය කොල්ලෙක් වගෙයි
කෝරෝනා වසංගත කාලේ යන්න හිටපු ගමනක් ප්‍රමාද වෙලාද?ඵ් කාලේ ගියානම් යාපනයට ගියත් අල්ලන ඵකක් නැහැ. කෝකටත් ඔබ නාමල් කරුණාරත්නව 15 වෙනිදා උදේ අටට විතර විනාඩි 5කට හම්බවෙන්න යන්න.
මෙයාව ඉස්සරහින් ඇරලා සෙව්වන්දි නංගි පස්සෙන් ගියාද?
මු දන්නවා අපේ රනිල් සීයාගේ කොලු වැඩ. මේ දවස්වල සාගලත් නුවර එළියේ නිසා මු හිතන්න ඇති මුටත් චාන්ස් එකක් ලැබෙයි කියලා
අතාරින්න ඔච්චරම කැමති නම් ඇදුම් ටිකයි ඇපල් ෆෝන් එකයි අතැරියා වගේ බයික් එකත් අතැරියානම් මෙහෙම ප්‍රශ්න නැනේ..