IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරේ මහවිරු සැමරුම්

(සිතුම් චතුරංග)

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් උතුරු පළාතේ ස්ථාන කිහිපයක මහවිරු සැමරුම් වැඩසටහන් කිහිපයක් ඊයේ (27) සවස පැවැත්වීය.

මුලතිව්,යාපනය,මන්නාරම,කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පහන් දල්වා එලෙස මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වූ අතර පහන් දල්වමින් මියගිය ඥාතීන් සිහිකිරීම එහිදී සිදුවිය.

අධිකරණ නියෝග හේතුවෙන් උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශාපාලන පක්ෂ නියෝජිතයින්ද සිය නිවෙස් හා කාර්යාල තුළදි යුද්ධයේ මියගිය ජනතාව සිහිකිරීමට කටයුතු කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා නායකත්වය දරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ නීති උපදේශක කනගරත්නම් සුභාෂ් මහතා යාපනය චාට්ටි ප්‍රදේශයේ මහවිරු සොහොනක්තුල මියගිය පුද්ගලයින් සිහිකිරීමට වැඩසටහනක් සංවිධානය කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ හා එම පක්ෂ ක්‍රියාකාරීන් අතර දැඩි උණුසුම් තත්වයක් හටගත් අතර පොලිසිය මැදිහත්ව එය වැලැක්වීමට පියවරගනු ලැබීය.

යාපනය වැල්වැටිතුරෙයි හා  මුලතිව් , මුල්ලිවයික්කාල් හි මහවිරු සැමරුම් පැවැත්වීමට ගිය එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු විශාල පිරිසක් ආරක්ෂක අංශ විසින් නැවත හරවා යැවීමට කටයුතු කළ බවත් එම වැඩසටහන් සංවිධායකයින් පවසති.

යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීමේ මහවිරු සැමරුම සෑම වසරකම නොවැම්බර් මස 27 වැනිදා සවස 6.05 ට පැවැත්වීම සම්ප්‍රධාය වන අතර එල්.ටි.ටි.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවධියේ උතුරු පළාතේ පිහිටි මහවිරු සොහොන් ආශ්‍රිතව එවකට එල්.ටි.ටි.ඊ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් පැවැත්වූහ.

 යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල් ටි ටි ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම පැවැත්වීම ආරම්භ කොට ඇති අතර, 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ පළමු මහවිරු සැමරුම් වැඩසටහන පවත්වා තිබේ.

මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමින් උතුරු පළාතේ වවුනියාව , මුලතිව් , කිලිනොච්චිය , යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන් හි පොලිස් ස්ථාන විසින්  එම වැඩසටහන් සඳහා වාරණ නියෝගයන් කිහිපයක් ලබාගෙන තිබුණි.



අදහස් (0)

උතුරේ මහවිරු සැමරුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site