IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උතුරු මැද පළාතේ ගුරු හිගය වැඩි වෙයි

(දයාරත්න ඇඹෝගම)


මේවන විට උතුරු මැද පළාතේ ගුරු හිගය 2000ක්  දක්වා වර්ධනය විමේ හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය බිදවැටි ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.
 
අනුරාධපුර නගරයේ අද (20)දින පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසිය.
 
මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙසේද පැවසිය.
 
උතුරු මැද පළාතේ පාසල් රැසකට ගණිතය,විද්‍යාව,තාක්ෂණික විෂය,ඉගැන්විම සදහා ගුරුවරුන්ගේ විශාල හිගයක් දක්නට ලැබෙනවා.ඒ වාගේම ප්‍රථමික අංශයේ ගුරු හිගයත් දැඩිව දක්නට ලැබෙනවා.
 
උතුරැ මැද පළාතේ පාසල් සදහා ගුරැවරැ 16,900 ක් ඉන්න ඔනේ.ඒ වුනාට ගුරැවරු ඉන්නේ 14,600 යි.මේ අතරින් සමහර ගුරුවරු වැඩ බලන විදුහල්පතිවරු ලෙසත් තවත් සමහර ගුරුවරුන් පිරිසක් ගුරු උපදේශකයන් ලෙසත් සේවය කරනවා.ඒ නිසා ඔවුන් ඉගැන්විමේ කටයුතු වලින් බැහැරවි සිටිනවා.
 
පළාතේ ගුරු හිගයට හේතු කිහිපයක්ම තියෙනවා.2019 වසරේ පළාතේ පාසල් සදහා ගුරුවරු 986 ක් බදවා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවුනා.මහ භාණ්ඩාගාරයෙන් ඒ සදහා මුදල් පවා වෙන් කලා.නමුත් දේශපාලඥයන්ගේ කඹ ඇදිල්ල නිසා බදවා ගත්තේ නැහැ.
 
එවාගේම 2019 වසරේදි පළාතට විද්‍යාපීඨ ගුරුවරු  460 ක් බදවා ගැනිමට අනුමැතිය ලැබුනා.පළාතේ උපාධිදාරින් ගුරු සේවයට බදවා ගන්න ඔනේ කියලා විද්‍යා පීඨ ගුරැවරැ බදවා ගත්තේ180 යි.අන්තිමට උපාධිදාරි ගුරුවරු බදවා ගත්තෙත් නැහැ.ඉතිරි විද්‍යා පීඨ ගුරුවරු බදවා ගත්තෙත් නැහැ.
 
ඒ වාගේම මෙම වසරේ ගුරුවරුන් වයස හැට සම්පුර්ණ විම නිසා විශ්‍රාම යනවා.තවත් ගුරුවරුන් විශාල පිරිසක් පළාතෙන් වෙනත් පළාත්වලට ස්ථාන මාරු ලබා යනවා.ඒ නිසා තවත් 500ක් පමණ ගුරුවරුන්ගේ හිගයක් ඉදිරියේදි ඇති වෙනවා.
 
මෙම තත්වය අපි කල්තියා බලධාරින්ට පැවසුවා.එහෙත් ඔවුන් මුණිවත රකිනවා. උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විද්‍යා පීඨ ගුරුවරු මෙන්ම උපාධිදාරි ගුරැවරැන් වැඩි පිරිසක් බදවා ගත යුතු බවද ලංකා ගුරැ සංගමයේ සභාපතිවරයා මෙහිදි පැවසිය.
 
මේ සම්බන්ධයෙන් අප පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය ගෙන් කළ විමසුමේදි ඇය මෙසේ පැවසුවාය.
 
ගුරැවරැන්ගේ හිගයක් තියෙනවා.විශ්‍රාම යන ගුරුවරු පිරිසත් වැඩියි.පුහුණු ගුරැවරැ අවශ්‍යයයි.ඒ නිසා විද්‍යා පීඨ ගුරුවරු පළාතට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.ඉදිරියේදි තවත් ගුරුවරුන් පිරිසක් බදවා ගත යුතු බවද අධ්‍යක්ෂකවරිය මෙහිදි පැවසුවාය.
 



අදහස් (1)

උතුරු මැද පළාතේ ගුරු හිගය වැඩි වෙයි

latha Tuesday, 21 July 2020 04:43 AM

ගුරු හිඟයක් එන්න ගුරුවරු පාසල් යන්න එපැයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site