
(අංජුල මහික වීරරත්න)
උතුරු පළාතේ මේ වසරේ අක්කර 16,000 ක අලුතින් පොල් වගා කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
මෙම නව වගා කටයුතු සඳහා දැනටමත් ඉඩම් හඳුනාගෙන තිබෙන බවද අමාත්‍යවරයා කීය.
කිලිනොච්චියේ පලෙයිහි ප්‍රාදේශීය පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇතත් උතුරේ ජනතාවගේ ජීවිත වල කිසිදු වෙනසක් සිදුවී නැති බව කී අමාත්‍යවරයා උතුරෙන් දරිද්‍රතාවය තුරන් කිරීම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව සඳහන් කළේය.
වැවිලි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමාරන් මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරේ අක්කර දාසය දාහක අලුත් පොල් වගාවක්
Perakum Liyanagama Friday, 01 August 2025 05:27 PM
මේ තමයි සැබෑ ජනතා සේවය ඒ සඳහා ජාති ආගම් කුල මල බේද කිසිවක් නැත.
අරවින්ද මොණරවිල Friday, 01 August 2025 06:00 PM
අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්, තමන්ට ඡන්දය නොලැබෙන නිසා පසුගිය පාලකයෝ උතුරු නැගෙනහිර සහ වතුකරය සැලකුවේ තමන්ගේ යටත් විජිත ලෙසටයි. ඒ නිසා උතුරු නැගෙනහිර ජනතාවගේ හා වතු ජනතාවගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දෙන්න වර්ථමාන රජය මැදිහත් විය යුතුයි.
Lalla Saturday, 02 August 2025 08:51 AM
පෞද්ගලික කාබනික පොහොර ව්‍යාපෘති... ගොම, පොහොර භාවිතය මගින් කළු කුරුමිණි වුවදුර ව්‍යාප්ත වෙනවා. පොල් පැල සහමුලින්ම විනාශ කර දමන තත්ත්වයක්...!