
(සිතුම් චතුරංග)
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇතැයි වන්නි ආරක්ෂක අංශය පවසයි.
කඳවුරේ සෙබළුන් 20 කට ආසන්න ප්‍රමාණයකට ඉකුත් දා යම් උණ රෝගී තත්වයක් වැළදී ඇති බවත් අසාධ්‍ය වූ එක් සෙබලෙකු අංගොඩ උණ රෝහල වෙත ඇතුලත් කොට ඇති බවත් පැවසීය.
උණ රෝගයට ගොදුරු වු තවත් සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත්, කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ උපදෙස් මත කඳවුර තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවත් වන්නි ආරක්ෂක අංශ පැවසීය.
පැතිර යන උණ රෝග තත්වය නිශ්චිතව හදුනාගැනීමට පරීක්ෂණාගාර වෙත යොමුකොට ඇති අතර දින හතරක පමණ කාලයක සිට උණ රෝගය පැතිරීම සිදුව ඇති බවට මුලිකව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසූයේ රෝගී තත්වය පාලනයට ගත හැකි සියළු ක්‍රියාමාර්ග එම කඳවුරේ යුද හමුදා සෞඛ්‍ය අංශ සහ සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති බවයි.
2025 නොවැම්බර් මස 21
281
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
317
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1246
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
Srinath priyantha karunarathna Monday, 18 November 2024 02:13 AM
ජනාධිපති තමයි මෙන්න මේ බටහිර විදිහ මාෆියාව තමයි ගෝඨාභය ගෙදර ඇරියේ... කොරෝනා කියන බොරුව ගෙනැල්ලා... කල්පනාවෙන් වැඩ කරන්න. මොවුන් තමයි ලංකාව කෑවේ...