
(විමුක්ති එස් රුද්‍රිගු)
අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
උගන්ඩාවේ අගනුවර වන කම්පාලා සිට කිලෝ මීටර් 300 ක් පමණ දුරින් පසුගිය 27 වැනිදා මෙම නායයෑම සිදුව ඇති බවත් ඉන් බුලම්බුලී දිස්ත්‍රික්කයේ ගම්මාන කීපයක නිවාස මඩින් යටවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අතුරුදන් වූවන් සෙවීම සඳහා සහන කණ්ඩායම් අද (29) මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව පැවැසෙයි.
නාය යෑමත් සමග උගන්ඩා අග්‍රාමාත්‍ය කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කළ අතර අධික වර්ෂාපතනය වාර්තා වීමත් සමග නාය යෑම් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නාය යෑම සිදුවූ දිස්ත්‍රික්කයට ලබාදුන් බව එහි සඳහන් විය.
අවම වශයෙන් පවුල් 45 ක් නාය යෑම හේතුවෙන් අතුරුදන් වී ඇතැයි උගන්ඩා රතු කුරුස සමාජය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි, අපොයි,... අපේ ආයෝජනවලට පාඩු නැහැ නේද?
අපේ දෙවැනි රට, හපොයි.
අන්න හංගපු දළාර්ථික මතුවීමක්ලු... ජෙබයියන්ට තරහ යයිද දන්නේ නෑ.
හෙව්වේ උගන්ඩාවේ ඩොලර්, හම්බ වුණේ වේයන්ගොඩ නිධන්...!