(මහේෂ් කිර්තිරත්න)
ජාතික ජන බලවේගයට බලය හිමි උකුවෙල ප්‍රාදේශීය සභාවේ 2026 අය වැය ලේඛනය සර්ව ජන බලයේ සහ සමගි ජන බල වේගයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ සහයෙන් අද(05) සභා සම්මත විය.
උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති (ජා.ජ.බ) නිමල් කරුණාතිලක මහතා විසින් අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කළේය.
ඒ අනුව අය වැය ලේඛනයට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 12ක් ලැබුණි.
අය වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ සර්ව ජන බලයේ මන්ත්‍රිවරයා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයා ඇතුලු ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් විසිනි.
අය වැයට විපක්ෂව සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 06 දෙනා ,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනා,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනා සහ ජන අරගල සන්ධානයේ මන්ත්‍රිවරයා ද විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 04
86
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
358
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උකුවෙල ප්‍රා .ස අයවැය සම්මතයි