
ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර මේ වනවිට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. එම ගැටුම්වලින් ඊශ්‍රායලයේත් ගාසා තීරයේත් 200 කට වැඩි පිරිසක් මියගිය බව පැවැසෙයි.
ගැටුම් ඇවිලී ගියේ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් කන්ඩායමක් ගාසා තීරය හරහා ඊශ්‍රායල භූමියට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසුවය.
ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවැසුවේ රොකට් ප්‍රහාර 500 ක් පමණ ඊශ්‍රායලයට එල්ල වුණු බවය. ඊශ්‍රායල ආරක්ෂක අංශ පුදුමයට පත් කරමින්, පලස්තීන හමාස් සටන්කාමීන් ඉතා හොඳින් සැලැසුම් කර එම ප්‍රහාරය එල්ල කළේ යැයි ද පැවැසෙයි.
එම ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 40 කි.
ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසුවේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කළ බවත්, ඊශ්‍රායලය මේ වනවිට යුද්ධයකට මැදි වී සිටින බවත්ය.
ඊහ්‍රායල ආරක්ෂක අංශ වහා හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර දකිවමින් ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ගුවනින් පහර දෙන්න පටන් ගත්තේය. මේ වනවිට ගාසා තීරයේ මියගිය ගණන 198 ක් බව පැවැසෙයි.
ඊශ්‍රායලය ඉස්ලාමීය හමාස් සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස සැලකයි. ප්‍රහාරය එල්ල කළ හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද පුවත් සේවා වාර්තා කර තිබේ.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
141
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1571
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායලයත් පලස්තීනයත් ඇවිලෙයි