ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ, ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකා ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කිරීමේ ‘නොබැඳි’ යෝජනාව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කර ගැනීමත් සමඟය.
‘නොබැඳි’ යෝජනාව සම්මත වූයේ රටවල් 153 ක් ඊට ඡන්දය ලබා දෙමිනි. යෝජනාවට රටවල් 23 ක් විරුද්ධ වූ අතර, ඇමෙරිකාව ද ඒ අතර සිටී. ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දෙයි.
ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පෙන්වා දෙමිනි. එසේ වුවත්, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව, ඇමෙරිකාව දිගින් දිගටම අවධාරණය කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඊශ්‍රායලයට ගෝලීය සහාය අඩු වෙනවා - ජනපති බයිඩන්