
හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර තිබේ. ඒ අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ ඉරානයේ හිතවතුන් වන රුසියාව සහ චීනයයි.
ඉරාන චීන සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවූයේ රයිසි නිසා යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ශෝක පණිවුඩයේ සඳහන් වෙයි. අවශ්‍ය වේලාවට උදව්වට ආ මිතුරකු ලෙස රුසියාව ඉරාන ජනාධිපතිවරයා හඳුන්වා දී ඇත.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, යුරෝපා සංගමය, කටාර් රාජ්‍යය, ඊජිප්තුව, මැලේසියාව, ජෝර්දානය, ජපානය, ඉතාලිය, සුඩානය, සිරියාව, තුර්කිය, වෙනිසියුලාව, හවුති සටන්කාමී සංවිධානය, ඉරාකය, හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය, එමිරේට්ස් රාජ්‍යය, ද සොව පළ කර තිබේ.
පාකිස්තානය ද අද (21) ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන්දියාව ද ඉරාන ජනාධිපති රයිසි, විදේශ ඇමැති අමීර්අබ්දුල්ලහීන් සහ මියගිය සෙසු පිරිස සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇත.
ඊට අමතරව ඉරාන නායකයා හෙලිකොප්ටර් අනතුරින් මියයෑම සම්බන්ධයෙන් ඇමෙරිකාව ද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ. හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින්ගෙන් විමසා ඇති අතර, ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලැබී නැති බවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.