
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින්, එරට න්‍යෂ්ටික බලාගාර සහ විදුලි බලාගාරවලට පහර දීමට අනතුරු ඇගවීමත් සමග ඉරාන වැසියෝ මිනිස් පළිහක් ලෙස එම බලාගාර අසලට එක් රොක් ව සිටින බව පැවැසෙයි.
ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියෑන් පැවැසුවේ, ඇමෙරිකන් ප්‍රහාර එල්ල වුවහොත් දිවි පිදීමේ අරමුණින් ඉරාන සිවිල් වැසියන් ගණන මිලියන 14 ක් පමණ මෙසේ එරට බලාගාර ආශ්‍රිතව රැඳී සිටින බවය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබුණේ හෝමූස් සමුද්‍ර සන්ධිය කඩිනමින් විවෘත කිරීමට එකගත්වයක් ඇති කර නොගත්තොත්, ඉරානයේ වේලාවන් රාත්‍රී 8 ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවටය. ඉරානයේ පාලම් සියල්ල පුපුරුවා හරින බවට ද ට්‍රම්ප් තර්ජනය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ත්‍රස්තවාදියොත් මේ වැඩේම කළා කියලා මට මතක් වුණා. යුද්ධයක් වෙනකොට සාමාන්‍ය මිනිස්සු ඉවත් කිරීම හමුදාවක වගකීම. එහෙම නැතිව මිනිස් පළිහවල් වගේ මෝඩ දේශපාලනික තීන්දු ක්‍රියාත්මක කිරීම හෝ ඒවා අනුමත කිරීම හොඳ දෙයක් නොවෙයි.
ස්වෙච්ඡාවෙන්, ශීතල දේශගුණයක් මැද පාලම් මත, විදුලි බලාගාර වටෙ දිවා රෑ නොබලා කල් මරන්න තරම් ඉරාන ජනතාව අඤාණයිද ??? මුළු මහත් ලෝකයේම ඒකාධිපති පාලන යටතේ, රටවැසියන් රූකඩ බවට පත් කරගැනීමට පාලකයන් විවිධ උපක්‍රම යොදති. ජාත්‍යන්තර සම්බාධක, පාලකයන්ගේ හොර මගඩි මැද බිම් මට්ටමට වැටී තිබෙන, ආධ්‍යාත්මික ආගමික නායක අයතුල්ලා රුව සහිත ඉරාන රියාල් නොට්ටු මිටියක්, මත් වතුර බෝතල් කිහිපයක් බෙදා දුන් විට මොන ගොබ්බයාද සිය ජීවිතය පවා පරදුවට තබා ඔවැනි තුප්පහි වැඩකට නොඑන්නෙ ? දැනටමත් අපායක් වැනි ඉරානයෙ සිට දිගටම උන් ගේ දෙවියන් තුරුලට යාමට, පාලමක් උඩට එන්න කියා කළු ලොගූ අදින මොල්ලු දින ගණනක් තිස්සේ දෙශනා කරාපු ....