
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ.
එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති එම නෞකාව මෙම මස 2 වැනිදා මෙරට මුහුදු සීමාවට ළගාවී පසුගිය 6 වැනිදා නැවත පිටත්ව ගොස් තිබේ.
එම සමාගමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට පොරොන්දු වුවත් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දීම හේතුවෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාල සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇතැයි දැනගන්නට ලැබේ.
එම නෞකාව තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් සහ ඩීසල් මෙටි්‍රක්ටොන් 15,000 කින් තිබූ බවත් එම තොගය නොලැබීමෙන් කොළොන්නාව තොග පර්යන්ථය තුළ තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් තොගවල හිඟයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වේ.
මෙම තත්වයත් සමග ඔක්ටේන් 92 ක පෙට්‍රල් හිඟයක් ඇතිවුවහොත් ඒ වෙනුවට ඔක්ටේන් 95 ක පෙට්‍රල්, 92 පෙට්‍රල් වෙනුවට නිකුත් කිරීමේ සූදානමක් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාල නෞකාව ඉන්ධන තොගය සමඟ නැවත හැරීයෑම සත්‍ය බවත් එම ඉන්ධන තොගය නොමැතිවීම ඛනිජ තෙල් තොග පර්යන්තයේ තොගවලට එතරම් බලපෑම් නොකරන බවත්ය.
එම ඉන්ධන තොගය නොමැතිවීම මත රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
මොන මගුලක්ද ඕයි කරන්නේ.. චන්දේ දීපු අපේ රෙදි ඉල්ලේ මෙහෙම ගියොත්. ශිට්
රනිල් ආණ්ඩුවේ ඉන්ධන ගණුදෙනුව හෙජීන් ගනුදෙනුවේ දෙවැනි කොටස, ලංකාවේ ජනතාවට වාසියක් නෑ. සිපෙට්කෝ ඉන්ධන මිළ අඩුකලොත් පාඩුව ඒ සමාගම් වලට දෙන්න ඕනේ. මාරම ගනුදෙනු මේවා. හෙයිජින් එකෙත් ඩොලර් මිලියන ගානක් නැති වුණානේ රටට.
මේවා පුවත් විදිහට පත්තරවල දානන එපා . අනවශ්‍ය විදිහට මිනිස්සු බය වෙනවා . අනික මේවා මිනිස්සු දෙනගත්ත කියල වෙන විශේෂ වාසියක් නැ . දැන් ඕක දෙනගත්ත වෙලාවේ ඉදල මිනිස්සු ඔක්කොමල දුවනවා පෙට්‍රල් ගහ ගන්න .
එන පොට හොද නෑ..
ඒවා මේ දැන් ඇතිවන ගැටළු නෙවෙයි. ගැටළුව එන්නේ තැපෑලෙන්.
70ක් දීලා මෙච්චර පාටි දානවා නම් 150ක් දුන්නොත් කොහොම තියෙයිද? අපිලව අල්ලේ නටවයි.
ඉන්ධන හිඟය කෙසේ වෙනත් පොල් හිඟය නිසා පොල් තෙල් සහ සත්ව ආහාර හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
අනේ මන්දා ලොකු පුටුව ඉන්න නිලධාරින් ටිකත් ගෙදර එවන්ඩ වෙයි රට ගොඩ ගන්නම්
පසුගිය අය පටලවපු මර උගුල් තව කොපමණද තියෙනවද දන්නෙ නැහැ.
දැන් ආයෙත් පසුගිය, ඔය ආචාර්යවරුන් මහාචාර්ය තොග සිටින ආණ්ඩුව පත්කර ගත්තේ පරණ ගිවිසුම් නැවත බලා ඔබලාගේ අගමැතිනී, පෙර කී පරිදි අලුත් කිරීමේ බලාපොරොත්තුව ඇතුව නේද? වැඩ බැරිකමට අනුන් මක් කරන්නද...?
කළහැකි දේවල් පමණක් ඡන්දයට කලින් කියලා, ඊට වඩා යමක් කිරීමයි කළයුත්තේ. එවිට විශ්වාසය තිබුණා ටත් වඩා වැඩි වෙනවා...!