IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්න යද්දී නාවික සෙබළෙක් මරුට

( රොමේෂ් මධුෂංක)

යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකුට වූ අනතුරක් හේතුවෙන් එම සෙබලා අද (25)  මිය ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.

ඩෙල්ෆ් මුහුදු සීමාවේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු උතුරු නවික විධානයට අයත් යත්‍රාවකට අනවසර ඉන්දීය ධීවර ට්‍රොලර් යත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල යත්‍රාව ඇති ස්ථනයට ගොස් පරික්ෂා කිරීමේදී එහි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සිට ඇත.

අදාල ඉන්දීය ධීවරයින් නාවික හමුදා බාරයට ගැනීමට උත්සහ ගත් නවික සෙබලෙකු නවික යත්‍රාව සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අතරට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ නාවික සෙබලා කංකසන්තුරෙයි ධීවර ජැටියට රැගෙනවිත් නාවික සෙබලා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

 

 

 



අදහස් (0)

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්න යද්දී නාවික සෙබළෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site