
ඉන්දියාවේ ප්‍රමුඛත්වයක් දෙමින්, ඉන්දියාව සමීප මිතුරකු ලෙස සලකා, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට පැමිණි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු අවධාරණය කර ඇත.
ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමේ අරමුණින්, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.
මාලදිවයින ජනාධිපති මුයිසු උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය පියවර ගත්තේය. මුයිසුගේ බිරිද ද මෙම සංචාරයට එක් වී සිටින්නීය.
අද මාලදිවයින දැඩි ආර්ථික අර්බුදයකට ද මුහුණ පා සිටී. ඉන්දීය සංචාරකයන් මාලදිවයිනට පැමිණීම අඩු කර ඇතැයි ද පැවැසෙයි.
මාලදිවයිනේ විදේශ සංචිත ප්‍රමාණය මේ වනවිට ඇමෙරිකන් ඩොලර් 440 ක් දක්වා අඩු වී ඇත.
මේ සියලු කාරණා සලකා බලා, තම දැඩි චීන හිතවාදී ප්‍රතිපත්ති වෙනස් කරමින්, ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට ජනාධිපති මුයිසු තීරණය කර ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉන්දීය සංචාරය සඳහා පිටත් වී යෑමට පෙර, ජනාධිපති මුයිසු, බීබීසී පුවත් සේවය හමුවේ අවධාරණය කළේ, ඉන්දියාව මාලදිවයිනේ මූල්‍ය ගැටලු හොඳින් අවබෝධ කරගෙන සිටින බවත්, මාලදිවයිනට ඉන්දීය සහාය අවශ්‍ය බවත්ය.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ