
(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කර සාර්ථක ලෙස බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට ගෙන් වනු ලබන මෙම බිත්තර තොග හෝටල්, බේකරිවලට මෙන්ම කුඩා ආපනශාලාවලට හා බිත්තර ආශ්‍රිත කෑම වර්ග නිෂ්පාදනය කරන වෙළද ආයතනවලට ද බෙදා හරින බව ද ඒ මහතා කීය.
මෙවර කුඩා ආපනශාලාවලට මෙන්ම බිත්තර ආශ්‍රිත කෑම වර්ග නිෂ්පාදනය කරන වෙළෙද ආයතනවලට රට බිත්තර ලබා දෙනු ලබන්නේ සිල්ලර වෙළදාම සඳහා බිත්තර විකිණීම තහනම් යන කොන්දේසි මත බව ද ඔහු කීහ.
මීට පෙර ඉන්දියාවේ බිත්තර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බෙදා හරිනු ලැබුවත් මෙවර ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් ආනයනය කරන බිත්තර තොග රට පුරා බෙදා හැරීමට නියෝජිතයන් කීප දෙනකු පත් කර ඇති බවත් සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ පාලකයෝ හින්දා තමයි රට බංකොලොත් වුනේ, රටේ ප්‍රශ්නේ විසඳගන්න හැකියාවක් නැහැ... ලේසිම වැඩේ පිටරටින් ගෙන්වන එක.