IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය ‘‘කැන්ඩි සෑමි කණ්ඩායමේ‘‘ මූල්‍ය විධායකට අධි චෝදනා

(රෝෂන් තුෂාර)

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක යෝගි පටෙල් ක්‍රිකට් කළමනාකාර වරයාට අධි චෝදනා බාර දුන් මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙක් විත්තිකරුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ද  නිකුත් කළේය.

විදේශ ගමන් බලපත්‍රය අධිකරණ බාරයට පමුණුවන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අදාල නියෝගය ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසද දන්වා සිටියේය.

යෝගී පටෙල් විත්තිකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරයේ අප දෙකක් සහ ලක්ෂ පහක මුදල් ඇපයක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ පස්වන වගන්තියේ( ඇ)වගන්තිය ප්‍රකාරව පැවරූ මෙම නඩුව තරඟ පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවරූ පළමු අධිචෝදනා නඩුව වන අතර දකුණු ආසියාවේ පැවරූ පළමු නඩුව බවද කියවේ.

ක්‍රීඩා පනත ප්‍රකාරව නඩුව විභාග කර මාස තුනක් ඇතුළත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ යුතුය.

 



අදහස් (0)

ඉන්දීය ‘‘කැන්ඩි සෑමි කණ්ඩායමේ‘‘ මූල්‍ය විධායකට අධි චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site